දුම්රියේ ගැටි මවකට දියණියට බරපතලයි.. රෝහල් ගත කෙරේ..

July 3, 2019 at 2:22 am | lanka C news
දුම්රියේ ගැටි මවකට දියණියට බරපතලයි.. රෝහල් ගත කෙරේ..

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි මවක් සහ දියණියක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ඊෙය් මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය සංඥ පද්ධතිය අසලදිය.

දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලැබු දෙදෙනාගේ පදිංචිය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඇය 27 වියේ සහ තුවාල ලැබු ඇගේ දියණියට අවුරුදු 6 වන බවයි පොලිසිය සැකකරයි.

නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ පොඩි මැණිකේ දුම්රිය ඉතා සෙමින් ධාවනය වු බවත්, දුම්රිය මාර්ගයේ මැද දුම්රියේ ගැටුණු කාන්තාව සිය දැරියද අතතිව සිටගෙන සිටි බවත්, දුම්රියේ ගැටුණු මව සහ දියණිය දුම්රිය එන්ජිමේ ගැටි දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වි තුවාල ලැබු බව පොඩි මැණිකේ දුම්රියේ  දුම්රියේ රියදුරා විසින් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දැනුම් දි ඇත.

අනතුරෙන් තුවාල ලැබු දෙදෙනාම මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,952 Viewers
Main News