දුම්රියේ ගැටී අයෙක් එතැනම මිය යයි.. හදුනා ගැනීමටත් නොහැකියි…

September 30, 2020 at 5:30 pm | lanka C news
දුම්රියේ ගැටී අයෙක් එතැනම මිය යයි.. හදුනා ගැනීමටත් නොහැකියි…

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය පරන්තන් ප්‍රදේශයේදී ගමන් කරන අවස්ථවේදී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටුනු පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි.

කෙසේ වෙතත් දුම්රියේ ගැටුනු පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර දුම්රියට හසු වීමෙන් පුද්ගලයා විකෘත්ති වීම හේතුවෙන් කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකි වී ඇතියිද පොලීසිය පවසයි.

මිය ගොස් සිටින පුද්ගලයා දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සියදිවි හානිකරගැනීමක්දැයි සැක සහති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,872 views

One Comment to “දුම්රියේ ගැටී අයෙක් එතැනම මිය යයි.. හදුනා ගැනීමටත් නොහැකියි…”

  1. GU-VP SAKKILI API says:

    Ayoooo, penawa neda ainsak demala mallilata karana de me ANDUWA, train walata happala maranawoooooooooooooooooooooooooooooooo

Main News