දුම්රියේ ගැටී තරුණයෙකු මිය යයි…

July 22, 2019 at 12:40 pm | lanka C news
දුම්රියේ ගැටී තරුණයෙකු මිය යයි…

යාපනය සිට කොළඹ බලා ගිය සීග්‍රගාමී දුම්රියට අද (22) උදෑසන වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී තරුණයෙකු ගැටීමෙන් මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

අදාල තරුණයා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මදුෂාන් දිලින්ද ජයවීර නැමති අයෙකු වන අතර උදෑසන දුම්රිය පැමිණෙන අවස්ථාවේදී දුම්රිය මාර්ගය අසල සිටීමෙන් හෝ දුම්රියේ පා පුවරුවේ ගමන් කිරීමේදී නින්ද යාමෙන් වැටීමෙන් හෝ මෙම මරණය සිදුව ඇති බවට වවුනියාව පොලීසිය සැක පල කර සිටියි.

මිය ගිය තරුණයාගේ මළ සිරුර වවුනියාව මහරෝහලට රැගෙනවිත් ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

One Comment to “දුම්රියේ ගැටී තරුණයෙකු මිය යයි…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා…!

Main News