දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මිය යයි..

July 2, 2019 at 12:40 pm | lanka C news
දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මිය යයි..

කිලිනොච්චිය, පරන්තන් දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (01) රාත්‍රියේ දුම්රියක ගැටීමෙන් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

රාත්‍රී යාල්දේවී දුම්රිය යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රිය කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී ධාවනයය වන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

දුම්රියේ ගැටීමෙන් 14 හැවිරිදි රාජෙශ්වරන් ලදූෂන් නමැති පරන්තන්හි පදිංචි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර දුම්රියෙ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පවසයි.

අනතුරට පත් දරුවා අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මළ සිරුර කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අනතුරට හේතුව පිළිබඳ පරික්ෂණයක් අරඹා ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

2 Comments to “දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මිය යයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා!!!! –

  2. Abhimaana says:

    මේ මොන අපරාධයක්ද ඇහුවොත් උතුරේ දුම්රිය අනතුරක්. තාම රේල්ලුව, රේල් පාර මහජනතාවට පුරුදු නැද්ද?

Main News