දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි..

May 28, 2019 at 2:06 am | lanka C news
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි..

කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශ‍යේ පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය මාන්කුලම් පොලිසිය පවසයි.

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 61හැවිරිදි රාසයියා රාසේන්ද්‍රන් නමැති පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවට පොලීසිය පැවසීය.

මළසිරුර මාන්කුලම දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති  අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,087 Viewers
Main News