දුම්රියේ ගැටුනු ගවයා විසිවී පාසල් සිසුවියකගේ වැදෙයි.. සිසුවියට තුවාලයි.. ගවයා මියයයි…

January 17, 2018 at 5:30 pm | lanka C news
දුම්රියේ ගැටුනු ගවයා විසිවී පාසල් සිසුවියකගේ වැදෙයි.. සිසුවියට තුවාලයි.. ගවයා මියයයි…

යාපනය මීසාලෙයි වීරසිංහම් විදුහල අසලදී ඊයේ (17) යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුමරියට ගවයින් දෙදෙනෙකු වැදීම හේතුවෙන් ගවයින් දෙදෙනා මිය ගොස් පාසල් දැරියක් තුවාල ලබා ඇති බවට ඡාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

කොළඹ බලා ධාවනය වූ දුම්රියට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් රැලක සිටි ගවයින් දෙදෙනෙකු ගැටී ඇති අතර ඉන් එක් ගවයෙකු විසිවී ගොස් අසල පිහිටි මාර්ගයේ ගමන් කරමින් සිටි වීරසිංහම් විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකගේ ගැටී ඇති අතර ඉන් තුවාල ලැබූ පාසල් සිසුවිය චාවකච්ඡේරි රෝහලට ඇතුලත් කොට ඇත.

අනතුරින් ගවයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර පාසල් සිසුවියගේ තත්වය බරපතල නොවන අතරම ගවයින් වීදි පුරා අයිතිකරුවන් නොමැතිව හැර තිබීම මගින් මේ දිනවල අනතුරු බහලු වී ඇති බවටද පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9 views

4 Comments to “දුම්රියේ ගැටුනු ගවයා විසිවී පාසල් සිසුවියකගේ වැදෙයි.. සිසුවියට තුවාලයි.. ගවයා මියයයි…”

  1. Rohitha says:

    The male or female human cow who let the cattle stray onto the railway track must be punished.

  2. kamalasirikuruwita says:

    ජාතියේ අවාසනාවට පහල වෙච්ච සියල්ල දත් කියල හිතාගෙන හිටපු අර කාලකන්නි නාකියටයි, අර රට විනාස කරපු චෞර ගෑනිටයි හෙන හතම ගහන්න ඕන මේ රටට ජාතියට කල අපරාධවලට. උන්ට වෙන මොනවා කියන්නද ?

  3. love nature says:

    යකෝ හින්දු දෙවියන්ගේ වාහනේ වත් ඔය උතුරේ කෝවිල් වල ඉන්න දෙවිගොල්ලන්ට බේරා ගන්න බැරිද අපේ මෝඩයොත් යනවා ඔය කෝවිල් වලට.

Main News