දුම්රියේ ගැටුනු තරුණයෙක් මිය යයි…

January 7, 2020 at 2:14 am | lanka C news
දුම්රියේ ගැටුනු තරුණයෙක් මිය යයි…

වව්නියාව මූන්රිමුරිප්පු තේක්කවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටුනු තරුණයෙක් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

කොළම සිට යාපන දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට තේක්කවත්ත ප්‍රදේශයේදී දුම්රිය හරස්මාර්ගයක් අසලදී අදාල තරුණයා ගැටී ඇති අතර තරුණයා දුම්රියේ ගැටීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැත.

දුම්රිය හරස්මාර්ගයෙන් අදාල තරුණයා ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටුනේද එසෙත් නැතිනම් දුම්රියට පැන සිය දිවි හානිකරගත්තේද යන්න පිළිබඳව සොයා වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

මෙසේ දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තෙ 36 හැවිරිදි වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ රාජන් නැමත්තෙකු වන අතර මය ගිය තරුණයාගේ මළ සිරුර වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28 views
Main News