දුම්රියේ හැපී එක වසරේ දැරියක් මිය යයි…

May 29, 2022 at 2:10 am | lanka C news
දුම්රියේ හැපී එක වසරේ දැරියක් මිය යයි…

කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී (28)  දුම්රියේ ගැටීමෙන් දැරියක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නො.57, හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නැමැති 06 හැවිරිදි දැරියකි.

පෙ.ව 7.05 ට කොළඔ, කොටුවෙන් පිටත්ව බෙලිඅත්ත බලා ධාවනය වන සුනාමී දුම්රිය හෙවත් කිරි කෝච්චිය නමින් දකුණේ ජනතාව හදුන්වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම දැරිය මියගොස් තිබෙන අතර දැරිය කොස්ගොඩ, හෑගල්ල ජාතික පාසැලේ 1 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය දැරිය, තවත් දැරියක් සමග නිවසට අවශ්‍ය ආහාර දව්‍යයක් ලබාගැනීම සදහා දුම්රිය මාර්ගය දිගේ නිවසට මදක් දුරින් පිහිටි කඩයක් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. මියගිය දැරිය සමග ගමන් ගත් අනෙක් දැරිය දුම්රිය පැමිණෙනවාත් සමගම දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දිවිගලවාගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය, ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක ජී කේ පී ආර් පෙරේරා මහතා විසින් (28) පෙරවරුවේදී බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයද නිරීක්ෂණය කර ඇති අතර බළපිටිය මූලික රෝහලේදී සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර් එම් රූපසිංහ මහතා විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වා තිබේ. හෙලි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්ථාව අනුව හිස් කබලට සිදු වූ බලවත් හානී හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නිගමනය කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

17,837 views

8 Comments to “දුම්රියේ හැපී එක වසරේ දැරියක් මිය යයි…”

  1. නව යොවුන් රාණි says:

    තුන් වෙනි ලෝකයේ රට වල තියන ගෝත්‍රික නූගත් ප්‍රශ්නයක් . දුම්රිය මාර්ගය අවභාවිතය.

  2. තීරු බදු රහිතව සූර්ය කෝෂ ප්‍රචලිත කරන්න says:

    විදුලිය ඇණ සිටින විට රේල් ගේට්ටු වැඩ කරන්නේ නැහැ වගේම සමහර රේල් ගේට්ටුවල සංඥා සවිකර නැති හෝ ක්‍රියා වරහිත වී ඇත. කොහොමත් දේශපාලකයන් ජනතා ජීවිත නැතිවන අවස්ථාවන්ට අවධානය යොමු කරනවා වගේ බොරුවට ඇගවූවද, බොහෝ හඩක් මේ ගැන මාධ්‍ය විසින් නැගූවද ඒ පිළිබද උදාසීන කමක් තමයි දක්වන්නේ. විදුලිය ඇණ සිටීමෙන් තව බොහෝ ජීවිත නැතිවීමට ඉඩ තිබෙනවා.සූර්ය කෝෂවලට තීරු බදු රහිත කර අඩුම මිළකට එය ප්‍රචලිත කරන්න ඉඩදී ජාතික විදුලි බල පද්ධතියේ බර අවම කරන්න. මේ දැරිය වන් වටිනා ජීවිත රැක ගැනීමට වගකිව යුත්තන් මීට වඩා උනන්දු විය යුතුයි. මෙතනටත් ලැජ්ජා නැති දේශපාලන කොමිස් කාක්කො නොපැන්නොත් තමා පුදුමෙ. උන්ට කළ දුටුකළ වළ ඉහ ගන්න පුරුද්ද අතහරින්න බෑ.

  3. මරා... says:

    කාළකණ්නි මෙච්චර ඉඳිද්දි ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ….නිවන් සුව ලැබේවා දියණියේ….මෙවන් අකල් මරනයකට කිසිඳු ආත්මෙක ගොඳුරු නොවේවා

  4. Ranjanee says:

    මෙතැන ඇය් හැමෝම ජනපතිතුමාට බනින්නේ ? තමන්ගේ ගෙවල් වටේටත්, එතුලේත් CCTV fix කරලා තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න හැමෝම දැනගන්න ඕනේ . අපි ඉන්න කොළඹ 7 එහෙමය් . මහ රෑටත් තනියමේ වටේම යන්න පුළුවන් . 100% ආරක්ෂාව තියනවා. ඕකට අතිගරු ජනපතිතුමාට බනින්න ඕනේ නැහැ මෝඩයෝ ..

  5. Name says:

    ඒ ලමය වාසනාවන්තයි. ඉදිරි මාස කිහිපය ඇතුලත තවත් ගොඩක් අය ප්‍රාර්ථනා කරාවි අනේ අපිත් මේ වගේ කෝච්චියකටවත් හැප්පිලා මැරිල ගියා නම් මෙහෙම දුකක් නෑනෙ කියල ආර්ථික අර්බුධය උග්‍ර වෙනකොට මීටත් වඩා.

  6. අනුර says:

    මම දැක්කා ළමයි මැරිච්ච එකට අරගල ජෙප්පෝ ගෝඨට බැනලා තිබ්බා. උන් කියන්නේ මේවා මිනිස්සු නොමග යවන්න කරන වැඩ කියලා. පේනවානේද? NGO කාරයෝ දැන් හදන්නේ අරගල ජෙප්පොන්ට සල්ලි දීලා ගෝඨට නැතිවැරදි දාලා නම කැත කරන්නයි. පාස්කු ප්‍රහාරය කරේ ස්ලාමීය සංවිධාන කියලා පෙනි පෙනි තියෙන කොට, ඔප්පු වෙලා තියෙන කොට මුන් ඒකටත් ගෝඨව ගාවගන්නවා. මට සැකයි වෙලාවට මේ හැම ප්‍රශ්ණයක් පිටිපස්සේම ඉන්නේ NGO කාරයෝද කියලා.

  7. Gamarala says:

    නිවන් සැප ලැබේවා.

  8. RITIGALA says:

    කාළකණ්නි මෙච්චර ඉඳිද්දි ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ…..unge pawkara kam asarana daruwo pitin yanne

Main News