දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..
January 1, 2019 at 12:40 pm | lanka C news
උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්රදේශවාසීන් පැවසූහ.
උත්තර දේවී දුම්රිය ඊයේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර එහිදී මුරුගණ්ඩි ප්රදේශයේ තවමත් පවතින ගංවතුර තත්වය හේතුවෙන් ගවයින් විශාල ප්රමාණයක් දුම්රිය මාර්ගයේ රැඳීසිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි උත්තර දේවි දුම්රියේ ගව රැල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ස්කන්දපුරම් ප්රදේශයේ පදිංචි අයිතිකරුවෙකුගේ ගවයින් පිරිසක් වන අතර මේ දිනවල කිලිනොච්චියට බලපෑ ගංවතුර හේතුවෙන් බොහෝ සතුන් ප්රදේශයන්හි මාර්ගවල හා දුම්රිය මාර්ගයන්හි දිවි ගෙවීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බවටද කිලිනොච්චි වැසියන් කියා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
oh..shame, please be sensitive to all living being.
UNP loses 27 of its members, RIP
IS TRAIN DRIVER A COW???
No. It’s you. Idiot!
අනේ පව් අහිංසක සතුන් . මොනව උනත් ඔය උත්තර දීල තියෙන්නෙ උත්තර දේවී මහ දරුණු විදියට ම නව වසරේ
2019 නව රජයට අසුබ සළකුණක්
Is it the brand new train ???????
No. Brand new cows
අපරාදේ කැබිනට් මණ්ඩලයම උත්තර දේවිට යටවෙලා. තවත් 27 ක් පත් කරමු.