දුම්රිය මගේ පෙම් කරන්න ගිය සිසුවා සිසුවිය දුම්රියේ හැපී මියයති…

March 3, 2019 at 8:02 am | lanka C news
දුම්රිය මගේ පෙම් කරන්න ගිය සිසුවා සිසුවිය දුම්රියේ හැපී මියයති…

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය දෙකින්ද ප්‍රදේශයේ පදිංචි ලලංග හර්ෂ කුමාර(16) සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමගෙදර පියුමි භාග්‍යා (14) නැමති පාසල් සිසුවියයි.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය තවත් පාසල් සිසුවියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා (02) උදැසන 9.30ට පමණ  ධාවනය වු විශේෂ දුම්රියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය සහ  ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර ජයසුන්දර ප්‍රදේශයේදිය.

පාසල් සිසුවෙක් සහ පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයේ ඉගුරුඔය දෙසට ගමන් කරමින් සිටියදි පසුපසින් පැමිණෙන දුම්රිය දැක මිය ගිය පාසල් සිසුවාගේ පෙම්වතිය බව පැවසෙන පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර අනිත් පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරිමට පාසල් සිසුවා උත්සහ කිරිමේදි දෙදෙනාම දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.

මෙම තිදෙනාම බාහිර පන්තියට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ ඇති බවත්, බාහිර පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.

මිය ගිය පාසල් සිසුවා සහ අනතුරෙන් දිවිගලවා ගත් පාසල් සිසුවිය දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් ධාවනය කර ඇති අතර ඔහුන් දෙදෙනාගේ පසු පසින් මිය ගිය පාසල් සිසුවිය දුරකථනයකින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බව පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

129 views

3 Comments to “දුම්රිය මගේ පෙම් කරන්න ගිය සිසුවා සිසුවිය දුම්රියේ හැපී මියයති…”

  1. Gayash says:

    Im very sorry to hear this story. School days are the most enjoyable and memorable days in our life. Fatality at this age is a disaster. The boy is a hero. He never thought about him self.

  2. Cyril says:

    These teen agers should not be blamed. This is natural to have a love affair with a girl. The boy acted to save life his friend without thinking his life. He is a hero. I salute him. May attain Nibbana

  3. Aurora says:

    Pl don’t insult to the boy. He could scap witout thinking about his friend behind to him. But he thought and tried to serve friends life but failed.
    Although we can’t forget out walking at railway track is illegal.

Main News