දුම්රිය මාර්ගයේ ටිපර් රථයක් හිරවේ… අනතුරක් නූලෙන් බේරෙයි..

May 27, 2018 at 12:40 pm | lanka C news
දුම්රිය මාර්ගයේ ටිපර් රථයක් හිරවේ… අනතුරක් නූලෙන් බේරෙයි..

වව්නියාව ඕමන්ත අරසමුරිප්පු ප්‍රදේශයේදී පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් දුම්රිය හරස් මාර්ගයක් ආසන්නයේදී නැවතීම නිසා දුම්රිය ධාවනයට ප්‍රමාද වී ඇති අතරම ටිපර් රථයේ කොටසක් දුම්රියේ ගැටී ඇති බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

දුම්රිය හරස් මාර්ගයේ මාර්ගය ආසන්නයේ පස් කපමින් ටිපර් රථවලින් ප්‍රවාහනය කෙරෙන අතර එක් ටිපර් රථයකින් පස් ප්‍රවාහනය කෙරෙන අතරතුර දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට සූදානම් වූ අස්ථාවේදී ටිපර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවති ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය පැමිණ ඇතත් ටිපර් රථයේ රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් ටිපර් රථයේ කෙලවර පමණක් දුම්රියේ වැදීමෙන් සැලකිය යුතු හානියක් වී නොමැති අතරම දුම්රිය එන්ජිමට සුලු හානියක් සිදුව ඇත.

කෙසේ වෙතත් අදාල අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී ඇති අතරම පසුව ඕමන්ත පොලීසිය විසින් පස් කපන යන්ත්‍රයක් ගෙන්වා ටිපර් රථය ඉවත් කොට දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කොට ඇති අතරම වැඩි දුර පරික්ෂන සඳහා ටිපර් රථය ඕමන්ත පොලීසියට රැගෙනවිත් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

85 views
Main News