දුම්රිය වර්ජදය කරවන්නේ මහින්ද-ගෝටා නැවත රජවෙන්නයි.. මේවාට ජනතාව ශාප කරනවා..
September 27, 2019 at 8:40 am | lanka C news
අසාධාරණ ලෙස දුම්රිය වැඩවර්ජනයේ නිරත පුද්ගලයින්ට මහජනතාව සාප කරනු ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ලබන සඳුදා වන විට වැඩවර්ජනය නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදු වන බවයි.
දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති විය හැකි පීඩාව වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ගද ගන්නා බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යතුමා වැඩිපුර ලංගම සහ පෞද්ගලික බස්රථ දුම්රිය ස්ථාන ආශ්‍රිතව යොදන බවද කියා සිටියේය.
“දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප RM 01, RM 02 වැටුප් පරිමාණයට කරන්න කියලා මුලින් ඉල්ලීමක් කළා. නමුත් එම ඉල්ලීම ඒ අවස්ථාවේදී ඉටු කළා නම් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප්වල විෂමතාවක් ඇති වී එයින් පන්ලක්ෂ දහනම දහසකට අහිතකර බලපෑමක් එල්ල වනවා. මේ නිසා එම ඉල්ලීම සමාලෝචනය කිරීමට ජනාපතිතුමා විසින් රනුක්ගේ කමිටුව පත් කළා. ඒ කමිටුවේ නිර්දේශවලට හැමෝම එකඟ වුණා. ඒ අනුව එම වැටුප් වැඩි වීම ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. එසේ තිබියදීත් දැන් මේ වෘත්තීය සමිති එම වැටුප් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන්නැයි බල කරනවා. එය අසාධාරණ ඉල්ලීමක්.
අද මේ දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෝ අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරුන් ලෙස අපට හෝ ලිඛිතව දැනුම් දී නැහැ. ඇයි මේ වර්ජනය කරන්නේ කියලා වත් දැනුම් දීලා නැහැ. ඔවුන් වර්ජනය ගැන දැනුම් දීලා තියෙන්නේ මාධ්‍යයට. අපිට දැනුම් දීලා නැහැ. එහෙම කරන්න පුළුවන්ද වෘත්තීය සමිතියකට. සදාචාරයක් නැතිද මේ වෘත්තීය සමිතිවලට. මේක සම්පූර්ණයෙන්ම අසාධාරණ වැඩවර්ජනයක්.
අපි හැමෝම දන්නවා මේ රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප දහදාකින් වැඩි කළා. එය මූලිකව වැටුපට එක් කළා. තවත් 2500ක් වැඩි කළා. 2020 වන විට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වෙනවා. එහෙම තිබියදීත් මෙවැනි වැඩවර්ජනයකට යාම සාධාරණද ? අද කවුද මේ වැඩවර්ජනය කරන්නේ ? ඔවුන්ගේ වැටුප කීයද ? මම වගකීමෙන් කියන්නේ මේ වැඩි වැටුප් ඉල්ලලා වර්ජනය කරන දුම්රිය රියදුරෙක් අතිකාල සමඟ ලක්ෂ තුනකට වඩා වැටුපක් ගන්නවා. දුම්රිය නියාමකයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ 02ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක වැටුපක් ගන්නවා. එහෙම වැඩි වැටුපක් ගන්න අය තමයි අද අසාධාරණ විදියට වැඩවර්ජනය කරලා මහජනතාව අපහසුතාවට පත් කරන්නේ.
අද දුම්රිය වැඩවර්ජනය තනිකරම අසාධාරන ක්‍රියාවක්. එය මෙහෙයවන්නේ, මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අපි දන්නවා. බලය ගිලිහුණු දේශපාලනඥයෝ නැවත බලය ලබා ගන්න මේ වර්ජනය මෙහෙයවනවා. නැවත මේ රට රාජ යුගයකට ගෙනියන්න, සහෝදරයින්ට මේ රට පාලනය කරන්න, මල්ලි ජනාධිපති අයියා අගමැති වෙලා පවුලේ අයට මේ රට පාලනය කරන්න බලය ලබා ගැනීමේ අරමුණින් මේ වර්ජන මෙහෙයවනවා. වත්මන් රජය දුම්රිය සංවර්ධනයට විශාල අයෝජනයක් කර තිබෙනවා. ඉන්දියාවෙන් ද්විත්ව බලවේග කට්ටල 6ක් ගේනවා. උඩරට ධාවනයට චීනයෙන් බලවේග දුම්රිය නවයක් ගේනවා. දේශීය වශයෙන් දුම්රිය මැදිරි 200ක් පුනරුත්ථාපනය කරනවා. කැළණිවැලි දුම්රිය මාර්ගය ඇතුළුව සියලුම දුම්රිය මාර්ග නවීකරණය කරනවා. එසේ තිබියදී මේ විදියට දුම්රිය සේවාව අඩපණ කිරීමට වැඩවර්ජන මෙහෙයවන දේශපාලනඥයින්ට ජනතාව සාප කරන්න ඕන.
මේ මොහොතේ දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ සුළු පිරිසක්. ඔවුන් බලහත්කාරයෙන් සෙසු අය වර්ජනයට එක් කර ගන්නවා. ඔවුන් ඊයේ වර්ජනය කළේ නැහැ. මාසේ පඩිය අරගෙන දැන් වර්ජනය කරනවා. මහජනතාව මේ අමන ක්‍රියාවට ඉදිරියේදී හොදින් සලකාවි. ඒ වගේම රජයක් විදියටත් මේ අසාධාරණ වැඩ වර්ජනය එරෙහිව තදින් ඉන්නවා. වැඩවර්ජන කරන අතරතුරු කිසිම සාකච්ඡාවක් අපි දෙන්නේ නැහැ. සාකච්ඡාවක් ඕන නම් වැඩවර්ජනය නතර කරලා එන්න. ඒ වගේම ලබන සඳුදා වෙනකම් අපි බලනවා. සදුදා වන විට මේ වැඩවර්ජනය නතර නොකළොත් ගත හැකි හැම දැඩි ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා….”යිද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
– තමීර මංජු
Neethi paddathiyata siyayata 350 padi wedi karala anek rajya sewakayanta kudammage selakili weddi strike karana eka saadaranai ee sewakayange peththen
එහෙමද….දන්නේ නෑතුව හිටියේ… ඈයි බන් ඔහොම ආණ්ඩුවක්…රටේ සියල්ල තාමත් පාලනය කරන්නේ මහින්ද සහ ගොඨා නම් ඈයි උබලා ඔතන ඉන්නේ….. පඩයක් ගියත් උබලා අල්ල ගන්නේ ඔය මිනිස්සුන්ව…. ජනතාවට කොමඩි දෙන එක දෑන්වත් නවත්තලා අපේ සජිත් ව ජනපති කරන්න උදව් කරන්න… බොරුවෙන් මිනිස්සු මුලා නොකරන්න…..නොහෑකියාව වහගන්න ඔය වගේ මන්දබුද්ධික කතා නවත්තන්න..එක සජිත්ට අවාසි…
Ane Gonoooo. Athakota UNP wurthiya samithiyat (Jathika seaka sangamaya )
warjanaya karala thiyenne Gota , Mahinda Nisada?
නැතුව – නැතුව . හේනං.
Padiya ganama hitha hitha hitapalla……kela wena thana hoya ganna wenne na thopi seratama….yako mechchra aheniyak welath ai ban minissu methram dushta…..
CGR eka
Kalakni elawala danna ona
සේවක සංගමයත් මහින්ද ගේද ආයිබෝවං.
sirikothen kattak visi karanakan balaagena inna mu thamai aanduwe horanewa. mokuth denagena kathaa karanawa nowei. liyala dunnu eka kiyawanawa.. echcharai… thuh nodakin muge muna.
තමන්ගේ බැරිකම අනුන්ට පටවනවා , පවුලට අකාලයේ වමනෙ යන්න ගත්තත් තමුසෙලා ඒකත් මහින්දලට පටවයි?.
කගෙද එතකොට ආන්ඩුව. මහින්දගෙද.රට පාලනය කරන එවුන්ට කොන්ද නද්ද.මේකවත් පාලනය කරගන්න බරිනම් මහින්දටම දීලා පලයව් යන්න .
E vitharak newi yako umbe ganita lamai hammmbawuneth Mahinda ha Gota nisa.
Boru nam ganigen ahala balapan.