දුම්රිය වර්ජනයටත් කෑම ලෑස්තියි… දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ගැසට් කරයි..
December 9, 2017 at 6:25 am | lanka C news
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසනේ මහතා විසින් ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
එම ගැසට් පත්‍රය අද පෙරවරුව වන විට මුද්‍රණය කෙරෙනු ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.
මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට වාර්තා නොකරන සේවකයන් සම්බන්දයෙන් සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කරනු ඇත.
දුම්රිය වෘත්තීය සමිති 06ක් එක්ව මෙම වැඩ වර්ජනයේ යෙදෙන්නේ වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනි.
ඊයේ පස්වරුවේ ඔවුන් ජනාධිපති ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාවද අසාර්ථක විය.
මීට පෙර ඛණිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේදීද එය අතවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
හොඳ වැඩේ
දැන් වැඩට වරෙව්
Api mona deshapalana mathaya daruwath meka hoda deyak. Munge waidema strike karana eka. Anika munta padi denna ona api hamoma gewana badu mudal walin. Munta padi madi nam thiyenne job eken aswela wena job ekak hoyaganna. Dan dena padiyata waida karanna ona tharam minissu aiti.
Rakiya virahitha upaadi dhareen meka puhunu karala, mun tika elawanna oona
Really
Rathupassala wagee keemada
Roshen chanakata dunna keemada
Anthony to deepu keemada
දෙසැම්බරයේදී අපේ බඩට ගහපං. පෙබරවාරියේදී කතිරේ අපේ අතේ. එතකොට පාලය්ය කෙලවා ගන්නේ තුන් වන වතාවට. පස්ස ඉරන්.නෝනගේ ගමටම යන්ට වේවි.