දුම්රිය ස්ථානවලට පොලිස් බල ඇණි කැදවෙයි..

December 9, 2017 at 8:02 am | lanka C news
දුම්රිය ස්ථානවලට පොලිස් බල ඇණි කැදවෙයි..

දුම්රිය වෘත්තීය සමිති 06ක් එක්ව මෙම වැඩ වර්ජනයේ යෙදෙන්නේ වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනි.

ප‍්‍රධාන දුම්රිය සථානයන්වලට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කටයුතු කර ඇත.

රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ දුම්රිය සේවකයන්ට හා මගීනට අවශ්‍ය ආරක්‍ෂාව සැලසීමට හා දුම්රිය ධාවනයට ඇති කරන බාධා නැවැත්වීම සදහායි.

පොලිස්පතිවරයා විසින් මේ වන විට සියළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ජනාධිපතිවරයා විසින් මේ වන විට ගැසට් පත‍්‍රයක්ද නිකුත් කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති හයක් වැඩ වර්ජනයේ නිරත වන්නේ සිය වැටුප් විෂමතාවන්ට විසදුම් ලබා දෙන්නැයි ඉල්ලමිනි.

186 views

One Comment to “දුම්රිය ස්ථානවලට පොලිස් බල ඇණි කැදවෙයි..”

  1. Sathyapala says:

    Dumriya sewakayin itha ihala padi lebena sewakyin kotasaki. Mowunge varjana tharjana nisa wenne me siyalla pudgalika ayathan bawata path weemaya. Hmudawa yoda meya newethwiya yuthuya. Gotabhaya mahatha rajayata gena athyawashya sewa pawathwagen ya yuthuya.

Main News