දුම්රිය හරස් මගට දැමූ කාරය කුඩු.. දැරියක් මරුට.. පහක් රෝහලේ..

July 18, 2022 at 12:40 pm | lanka C news
දුම්රිය හරස් මගට දැමූ කාරය කුඩු.. දැරියක් මරුට.. පහක් රෝහලේ..

ගාල්ල මකුළුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දැරියක මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එක පවුලේ හයදෙනෙක් මංගල උත්සවයට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙමින් තිබියදී එය නොතකා මෝටර් රථය දුම්රිය මග හරහා ඇතුළු කිරීමෙන් පසු මෙම අනතුර සිදුව ඇතැයි ඇසින් දුටු අය කියා සිටිති.

34,174 views

7 Comments to “දුම්රිය හරස් මගට දැමූ කාරය කුඩු.. දැරියක් මරුට.. පහක් රෝහලේ..”

  1. රාජපක්සලා වගකියන්න ඕන. ඒ ඈයෝ හින්දා තමා මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ

  2. සවාධීන says:

    බීලා මතේ වෙන්න ඇති. දැන් ඉතින් විදවපං කෝ. ගාල්ලේ ඵවුන්ට වාහන ඵලවන්න පුදුම හදිසියක් තියෙන්නේ.

  3. Hi says:

    ඇත්තටම ලංකාවේ වන රිය අනතුරුවලට වගකියන්න ඕන රියදුරා විතරක් නෙවි.
    පගාවට රියදුරු බලපත්‍ර දෙන නිලධාරීන්.
    ඉස්සර learners සල්ලි ගන්නෙ මේ පගාමරුවන්ට දෙන මුදලත් එකතු කරලා.
    මම හිතන්නෙ තාමත් එහෙම ඇති.
    මෙහෙම හොරට රියදුරු බලපත්‍ර ගත්තම තමන්ගේත් , රියේ සහ එලියේ ඉන්න අයගේත් ජීවිත වල වගකීම තම අත බව නොදැන රිය පදිනවා.

  4. sira says:

    vinayak natihikama saha mohothak iwasanna bari kame prathipala

  5. RITIGALA says:

    winadi 2-3 k iwasanna bari kama nisa jiwitha kalayama duk wenna wenawa..

  6. Nature says:

    මත්පැනින් තොර රටක් හදමු

  7. Sahas says:

    දේශපාලුවන් විසින්
    සිංහල ජන සමාජය ,
    අරක්කු බෝතලේ සරණ ගිය
    අරක්කු බාර් වන්දනා කරන
    ඔලුව නරක් උන ජන සමාජයක්
    බවට පරිවර්තනය කල හින්දා තමයි
    දිනපතා මෙවැනි අනතුරු සිදු වෙන්නේ…

Main News