දුම්රිය හරස් මාර්ගයෙන් ගිය අයෙක් දුම්රියේ ගැටී මරුට…

July 16, 2022 at 2:17 am | lanka C news
දුම්රිය හරස් මාර්ගයෙන් ගිය අයෙක් දුම්රියේ ගැටී මරුට…

යාපනය මාණිප්පායි හින්දු විද්‍යාලය අසලදී දුම්රිය හරස්මාර්ගයක් හරහා ගමන්කිරීමට උත්සහ ගත් පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි මාණිප්පායි පොලීසිය පවසයි.

හින්දු විද්‍යාලය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අදාල පුද්ගලයා පාගමනින් ගමන්කොට ඇති අතර එම අවස්ථාවේදී කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ දුම්රයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පසයි.

දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අදාල පුද්ගලයා අපරික්ෂාකාරීව දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයිද  පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ මාණිප්පායි ඔට්ටුමඩම් ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි සින්නතම්බි මහේන්ද්‍රරාසා නැමත්තෙක් වන බවටත් මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙනගොස් ඇතැයිද පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,309 views

One Comment to “දුම්රිය හරස් මාර්ගයෙන් ගිය අයෙක් දුම්රියේ ගැටී මරුට…”

  1. Krishan Senarath says:

    කෝච්චිය මොකටද අපරික්ෂාකාරිව දුම්රිය හරස්මග හරහා ගියේ හැමදාම ඔය යාපනය පැත්තේ එක ලයින් එකයි තියෙන්නේ එක පැනගන්න බැ නිතර කෝච්චි යන්නෙත් නැහැ ඒ හැම එකේම බෙල් හයි කරලා තියෙන්නේ එක බලන්නේ නැහැ උන්ගේ වේගය බලන්න වෙන්න ඕන රේල් පාර පනින්නේ එක්කෝ කෝච්චි පෙරලන්න බලාගෙන පනින අය වෙන්නැති නැත්නම් හැමදාම එකෙක් දෙන්නෙක් මැරෙන්නේ

Main News