දුම්රිය හරස් මාර්ගයේ වැදුනු යතුරුපැදිය දෙකට කැඩෙයි තරුණයාට බරපතලයි…

December 18, 2017 at 4:40 pm | lanka C news
දුම්රිය හරස් මාර්ගයේ වැදුනු යතුරුපැදිය දෙකට කැඩෙයි තරුණයාට බරපතලයි…

වව්නියාව ඉරට්ටපෙරියකුලම් අවුසධපිටිය ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් අණතුරට ලක්වීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලැබූ බවට ඊරට්ටපෙරියකුලම් පොලීසිය කියා සිටියේය.

අවුසධපිටිය මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කල යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් යතුරුපැදිය දුම්රිය හරස්මාර්ගයේ කණුවක වැදී පදුව විදුලි කණුවකද වැදී දෙකට කැඩී අතර තරුණයා බරපතල තුවාල ලබා ඇත.

මෙසේ අණතුරකට ලක්ව ඇත්තේ වව්නියාව සූඩෙන්දපිලව් ගම්මානයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් වන අතර අණතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා මේ වන විට වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටද පරික්ෂණ සිදු කළ ඉරට්ට පෙරියකුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13 views
Main News