දුම්වැටියක් රුපියල් 55ක් දක්වා මිල ඉහලට..

October 22, 2016 at 8:40 am | lanka C news
දුම්වැටියක් රුපියල් 55ක් දක්වා මිල ඉහලට..

දුම්වැටි සදහා ඉදිරියේ දී සියයට 15 ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ෙමි වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් සිගරට්ටුවක මිල රුපියල් 07 කින් ඉහළ දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කළේය.

දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩි වුවද බීඩි සහ සුරුට්ටු පරිභෝජනය වැඩිවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සුරුට්ටු සහ බීඩි පරිභෝජනය ද අවම කළ යුතු බවත්, ඊට වඩා වැඩි හානියක් දුම්වැටි භාවිතා කිරීෙමි දී සිදුවන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

සිගරට් මිල වැඩි වුවද ඊට විකල්පයක් ලෙස බීඩි සහ සුරුට්ටු භාවිත කිරීමට ජනතාව පෙළඹීෙමි අවශ්‍යතාවයක් නොමැති බවත්, දුම්වැටි මිල වැඩි කිරීමෙන් දුම්වැටි භාවිතය සියයට 4 සිට සියයට 5 දක්වා අඩු වී ඇති බවත් අවධාරණය කර සිටියේය.

දුම්කොළ බදු වැඩි කිරීමෙන් ලබන ආදායම තුළින් සෞඛ්‍ය සේවාව සදහා පනවා ඇති සියළු වැට් බදු ඉවත් කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, එහි කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා, ජාතික දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අෙබිකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

7 views

One Comment to “දුම්වැටියක් රුපියල් 55ක් දක්වා මිල ඉහලට..”

  1. අනිවර්යෙන්ම

Main News