දුම්වැටි බද්දෙන් 4-5%ක් දුම්පානයෙන් මිදුනා.. තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..

October 7, 2016 at 8:02 am | lanka C news
දුම්වැටි බද්දෙන් 4-5%ක් දුම්පානයෙන් මිදුනා.. තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..

මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා 314 දෙනෙකු හට පත්වීම් ලිපි ප‍්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විය.

මෙම මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා පත්වීම් ලබාදෙන ලද්දේ වසර 16 කට පසු වීම ද විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මුහුණ දී ඇති බරපතලම ගැටළුව තමයි බෝ නොවන රෝග. ඩෙංගු සහ එචි.අයි.වී රෝගීන්ගේ ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සවිධානයේ නිර්දේශවලට අනුව දුම්කොළ භාවිතය අවම කිරිම සදහා ලක් රජය නිර්නායක 03 ක් භාවිත කර තිබෙනවා. ඉදිරියේ දී රූපරාමු නොමැති හිස් සිගරට් පැකට්ටුව හදුන්වා දෙනවා. අපි සිගරට් සදහා බදු වැඩි කළා. දැන් සිගරට් එකක මිල රුපියල් 07 කින් වැඩිකර තිබෙනවා. සිගරට් මිල වැඩි කිරීමෙන් සියයට 4 ත් 5 ත් ප‍්‍රමාණයක් දුම්පානය කිරිම අඩු වෙනවා.

වර්තමාන රජය මධ්‍යසාර අලෙවි කිරීෙමි බලපත‍්‍ර කාටවත් ලබාදී නැහැ. පැණිබීම සදහා වර්ණ සංකේත ක‍්‍රමයක් හදුන්වා දුන්නා. බෝනොවන රෝග පාලනය කිරීමට නම් සීනි, ලුණු, ෙමිදයට අය කරන බදු ඉහළ දැමිය යුතු වෙනවා. දැඩි පාලනයක් කළ යුතු වෙනවා. ජනතාව නීරෝගීව තැබිය යුතුයි.

මැලේරියා වසංගතය තුලින් තමයි වෙමි ව්‍යාපාර බිහි වුනේ. රෝග හේතුවෙන් දේශපාලන ව්‍යාපාර පවා බිහි වූ යුගයක් තිබුනා. බරවා රෝගය අපි තුරන් කර තිබෙනවා. රෝග තුරන්වෙලා තිබෙනවා නම් අලුතෙන් කාර්ය මණ්ඩල බදවා ගන්නේ ඇයි ද කියා ඔබ සිතන්න පුළුවන්. රෝග පාලනය කිරිම සදහා මානව සම්පත අවශ්‍ය වනවා. නව රජය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරනවා.

ඩෙංගු රෝගය තුරන් කිරීම සදහා ක්ෂේත‍්‍ර සහකාර නිලධාරීන් 1500 ක් ඉදිරියේ දී බඳවා ගන්නවා. ආයුර්ෙවිද වෛද්‍යවරුන් 900 ක් බඳවා ගන්නවා. ඒ සදහා මුදල් වෙන් කර තිබෙනවා.

– නිපුන් ඒකනායක

8 views

6 Comments to “දුම්වැටි බද්දෙන් 4-5%ක් දුම්පානයෙන් මිදුනා.. තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..”

  1. fass says:

    Hal (Rice), Pan (Bread), Elawalu ewageth mila wadi karapan ethakota minissu thanakola kanna patan gani…

  2. BigG says:

    mekata adala nethi unath mu kiyala thibbe thawama allanne sillareta thoga gahili thawama patangatththe naha thawama carrom board, unabambu, yakada bata witharai allanne kiyala. thoga allane natthe ayi kiyala utath prashnayak kiyala. prashneta wisaduma naw gahili gana hoyanna FCID ekata enna kiyapu welawata tho pala ekata

  3. NAK says:

    This idiot will say next there will be a tax every time one uses his mouth to eat!

  4. රාජිතගෙ පුතා ( කක්කුස්සි කටා ) says:

    ඈයි බං තාත්තෙ හාල් , හාලුත් හොඳ නෑ. බත් කන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දෑනටමත් අපේ සමහර කට්ටිය රෑට කන එක නවත්තලා තියෙන්නෙ. හාල් වලටත් ලොකු බද්දක් ගහලා කුරක්කන් වලයි පුන්නක්කු වලයි බදු අඩු කරනඩ ඕනි.

  5. Karu Buddadasa says:

    කමක් නෑ.තණකොළ ටික තියනව නෙව. කෝ අර උලම පුතා?ඌටත් මිටි දෙකතුනක් වත් තිබුනොත්!

Main News