දුම්වැටි බදු 90% දක්වා ඉහලට… දුම්කොල සමාගම වෙනුවෙන් පර්යේෂණ..

March 19, 2019 at 8:02 am | lanka C news
දුම්වැටි බදු 90% දක්වා ඉහලට… දුම්කොල සමාගම වෙනුවෙන් පර්යේෂණ..

දුම්වැටි බදු ඉහළ නැංවිම පිළිබදව පෞද්ගලක අංශය සිදු කරන පර්යේෂණ දුම්කොළ සමාගමක් වෙනුවෙන් සිදු කරන බවත්,සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන පර්යේෂණ ල   මහජන සුභසිද්ධිය උදෙසා සිදු කරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාර්තු මස 14 වන දින දිනපතා ඉංග්‍රීසි පුවත්පතක පල වු ලිපියක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

දුම්වැටි සදහා රූපමය අවවාද 80% පැනවීම සහ දුම්වැටි බදු 90% දක්වා ඉහල නැංවීම වත්මන් රජය විසින් සිදුකල සාර්ථක වැඩ පිළිවලකි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොල පාලනය සදහා නිර්නායක 10 ක් හදුන්වා දි ඇති අතර ඉන් නිර්නායක 09 ක්ම සෞඛ්‍ය  අමාත්‍යංශය ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ඉංග්‍රිසි පුවත්පතක් පෞද්ගලික අංශයේ පර්යේෂණ මත පදනම්ව දුම්වැටි සදහා 90% බදු පනවා නොමැති බව ප්‍රකාශ කරනවා. දුම්කොල,පැණිබීම, කිරිපිටි සමාගම් වලට රජය ගත් විවිධ ක්‍රියාමර්ග හේතුවෙන් අවාසියක් සිදුව තිබේ නම් දුම්වැටි සදහා 90% බදු පැනවු පසු බිතාන්‍යයේ දුම්කොල සමාගමේ සභාපතිවරයා මෙරටට පැමිණ මා සමග සාකච්ඡා කලා. මම කරුණු ඉදිරිපත් කල පසු එම සභාපතිවරයා බදු පැනවිමට ගත් තිරණය ගැන දැනුවත් වුණා. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව වෙනුවෙන් තින්දු තිරණ ගන්නේ පරික්ෂකයින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ. එම සංඛ්‍යා ලේඛණ   පිළිබදව මුදල් අමාත්‍යංශ නිලධාරින් සමග සාකච්ඡා කරන්න.දුම්වැටි බදු වැඩි කරන විට මුදල් අමාත්‍යංශ නිලධාරින්ද  විරුද්ධ වුනා.

මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරන දුම්කොළ  හා මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන් මහතා මෙසේ ප්‍රකාශ කරයි.

මාර්තු මස 14 වන දින ඉංග්‍රිසි පුවත් පතක පල වු ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කර ඇත. ශ්‍රි ලංකාවේ දුම්පානය අවම කිරිම සදහා  සෞඛ්‍ය අමාත්‍යවරයා අඛණ්ඩව සටනක සිටියි. දුම්කොළ  සමාගම්වල බලපෑම් නොතකා මහජන සෞඛ්‍ය සේවාව කෙරෙහි අවධානය යොමු කරමින් හා නීති රීති පැනවීමට සෞඛ්‍ය අමත්‍යංශය පියවර ගෙන ඇත. නීති රීති දැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතියද හිමි විය. ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම අවම කිරීම, පාසල් අවට දුම්වැටි අලවිය තහනම් කිරීම තනි දුම්වැටි, අලවිය තහනම් කිරීම වැනි නීති රීති හදුන්වා දී ඇත.

දුම්වැටි සදහා 90% ක බදු පැනවීම ප්‍රතිථලදායක ක්‍රියාමර්ගයකි. දුම්වැටි භාවිතය පහත හෙලිමට එය හේතුවක් විය.මේ නිසා තරුණ තරුණියන් සහ දිලිදු ජනතාව අතර දුම්වැටි භාවිතාව අඩු වී ඇත. දුම්වැටි සදහා බදු පැනවීම තුලින් රජයේ ආදායමද වැඩිවි තිබේ. දුම්වැටි සදහා බදු පැනවීමට අමාත්‍යමණ්ඩලයේ නිර්දේශයද හිමිව ඇත.නමුත් දුම්වැටි මිල ඉහල නැංවීම තුලින් දුම්වැටි සදහා පැනවු බදු වල වෙනසක් සිදුවි ඇති බව පරික්ෂකයින් පිරිසක් පෙන්වා දෙන බව පුවත්පතේ සදහන්ව ඇත.මෙය ප්‍රබල අභියෝගයකි. දුම්වැටි සදහා පනවා ඇති 90% බදු ප්‍රතිශතය අකණ්ඩව එලෙසම පවත්වා ගෙන යන ලෙස  සෞඛ්‍ය අමාත්‍යවරයා වග කිව යුතු අමාත්‍යංශ වලට උපදෙස් ලබා දි ඇත.

– ප්‍රසන්න අධිකාරි

13,965 Viewers

One Comment to “දුම්වැටි බදු 90% දක්වා ඉහලට… දුම්කොල සමාගම වෙනුවෙන් පර්යේෂණ..”

  1. KP says:

    රාජිතයා ගෑවෙනකොට හොඳ වැඩත් ජනප්‍රිය බාවයෙන් අඩු වෙනවා….

    ගෝටා දිනන්න නං දුම්කොල සහ මද්‍යසාර ගැන එයාගෙ ප්‍රතිපත්තිය කියන්න වෙනවා… කලිං එයාගෙ කල්කිරියාව සමාගම් වලට වාසි පැත්තටයි…දැන් වෙනස් වෙලාද කියලා කියන්නම වෙනවා බහුතරේ බහුතරය ගන්න නම්

Main News