දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

November 2, 2021 at 4:40 pm | lanka C news
දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන බව ඔවුහු කියති.

මේ ආකාරයෙන් බොහෝ වේලාවක් පෝලිමේ සිටි පුද්ගලයන් එළිමහනට නොපෙනෙන ආකාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් එම දොර වසා දැමීමක් ද සිදු කළහ .

එහිදී පැය ගානක් පෝලිමේ සිටියත් එක් අයෙකුට ලබා දෙන්නේ දුම්වැටි 20ක් අඩංගු එක් පැකට්ටුවක් බව කියමින් ඔවුහු චෝදනා කළහ.

දුම්වැටි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් වූ බවත් ඔවුන් පැමිණ සිටින්නේ තමන්ගෙ ජීවනෝපාය වෙනුවෙන් පවත්වාගෙන යන හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ වැනි ව්‍යාපාර වලට පැමිණෙන පාරිභෝගිකයන් ඉල්ලන දුම්වැටි අලෙවි කිරීමට දුම්වැටි තොග ලබා ගැනීමට බවත් දුම්වැටි නොමැතිනම් වෙනත් භාණ්ඩ සහ ආහාර පාන අලෙවි කිරීමටත් ගැටළුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

48,048 views

9 Comments to “දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…”

  1. චන්ද දායක says:

    දුන්කොල දුම ඉරීමට ඇබ්බැහි වුන සහ පුරුද්දක් තිබුන අයට නවත්වන්න හම්බවුන මේ චාන්ස් එක අතහරින්න එපා.”දුම් බීමෙන් වලකිමු”

  2. ජයෙ says:

    කංසා

  3. සිංහල බන්ඩා says:

    ගෝටා යුගය පෝලිම් යුගයක් වෙලා. 😢

  4. සිංහල බන්ඩා says:

    ජනාධිපති ස්කොට්ලන්තෙ ගිහින් කය්ය ගහනවා. මෙහෙ පෝලිම් යුගයක් වෙලා. 😢

    • Alapaluwa says:

      ලෝකු අයියේ ඔන්න බලන්න තව ටිකකින් පජෙරෝ ලෑන්ඩ් කෘසර් බෙන්ස් රථ පිරිවරාගෙන ජනරාල් මහත්තයෙන් එනවා ටයි කෝට් දාල ෆයිල් මිටියකුත් අරන් හරියට පුක ගිනි ගත්ත වගේ. ඔය සිකරට් ඔක්කොම රාජසන්තක කරලා ලොරිවල පටවාගෙන අලුත්ගම මාකට් එකට ගෙනියනවා. එතැන් එලෝලු ලෑලිවල තියන් පාලන මිලට විකුනනවා. දැන් ඉස්කොට්ලන්තේ ඉඳල සිකරට් නැවක් එනවා. එතකල් විතරයි එක පැකට් එක ගැනේ දෙන්නේ. ඊට පස්සේ ඩන්හිල් බන්ඩල් ගන්න පුළුවන්. Alapaluwa from SA

  5. බිංකුණ්ඩා says:

    අවුලක්ම නෑ. මේ ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න සිගරට් බොන එක නැවැත්තුවා. (ලෙඩ හැදෙයි කියල බයේ නෙවෙයි සල්ලි නැති නිසා)

  6. jayananda says:

    cigarate nethuwa hotel karanna be kiyana eka amu moda kathawak eka karanna puluwan

Main News