දුම්වැටි සහ මත්ද්‍රව්‍යය අලෙවි නොකරන්නැයි පාසල් සිසුන් වෙලදසැල් හිමියන්ගෙන් බුලත් දී වැද ඉල්ලයි..

June 5, 2019 at 8:02 am | lanka C news
දුම්වැටි සහ මත්ද්‍රව්‍යය අලෙවි නොකරන්නැයි පාසල් සිසුන් වෙලදසැල් හිමියන්ගෙන් බුලත් දී වැද ඉල්ලයි..

දුම්වැටි සහ මත්ද්‍රව්‍යය අලෙවි නොකරන ලෙස වෙළදසැල් හිමියන් දැනුවත් කිරිමේ වැටසටහන් (04) පාසල් සිසුන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලෙගම ග්‍රාමසේවා වසමේ සිදු කලහ.

ඉකුත් 31 වෙනි දිනට යෙදුණු  ලෝක දුම්වැටි විරොධි දිනයට සමගාමිව නාවලපිටිය පත්තුනුපිටිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ  මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්, නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ නිලධාරින් , නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරින් සමග එක් ව සැම වෙළදසැලකටම ගොස්  පාසල් සිසුන් විසින්වෙළදසැල් හිමියන්ට බුලත් හුරුල්ලක් දි වෙළදසැලේ දුම්වැටි සහ මත්ද්‍රව්‍යය අලෙවි නොකරන ලෙසට ආයාචනයක් සිදු කලහ.

පාසල් සිසුන්ගේ ආයාචයට සවන් දුන් ඇතැම් වෙළදසැල් හිමියන් ඉදිරියේදි වෙළදසැලේ දුම්වැටි අලෙවි නොකරන බවට පොරොන්දු විය.

මෙම වැඩසටහන නාවලපිටිය පොලිස් බල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කිරිමට නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්  සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශය පුරා පිහිටි වෙළදසැල් දුම්වැටි අලෙවි කිරිම සම්බන්ධයෙන් මාසපතා අධික්ෂනයක් සිදු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

17 views

10 Comments to “දුම්වැටි සහ මත්ද්‍රව්‍යය අලෙවි නොකරන්නැයි පාසල් සිසුන් වෙලදසැල් හිමියන්ගෙන් බුලත් දී වැද ඉල්ලයි..”

  1. Nimal says:

    What a nice campaign! Hope they they were not forced to do that and they did it by heart.
    Gampola is mainly infected with Drugs and school children are the victims. Authorities should take both legal as well as social actions like this in Gampola as well.

  2. සිරා says:

    රටටම හොඳටම පිස්සු…සිසුන් හමුදා සෙබලුන්ට පාරේ වදිනවා..
    දැන් සමාගම් වල වස විස කෑම අලෙවි කරන වෙළදුන්ට වදිනවා සිගරට් විකුනන්න එපා කියලා..
    හමුදාවලට කියන්න හොරැන්,මිනීමරැවෝ,ත්‍රස්තවාදීන් කියලා තහවුරැ වෙලා තියෙන මේ පාහරයෝ 225 ආරක්ෂා කරන්න එපා කියලා..අන්න එතකොට වන්දනීයයි.
    වෙළදුන්ට කියන්න වස විස ඇති වැලිබල්, මාර වගේ බිස්කට් ග්ලයිෆොසට් ගහපු කෑම ඇතුලු ටොන් ගනන් වස ආහාර විකුනන්න එපා කියලා.අන්න එතකොට අර්තවත්

  3. sarath says:

    ඔහොම තමයි වෙන්න ඕනේ. ඉස්කෝල ළඟ මත් පෙති විකුණන උන්ට ඒවා පොවන්න ඕනේ ,

  4. sathya says:

    ඇතැම් වෙළදසැල් හිමියන් ඉදිරියේදි වෙළදසැලේ දුම්වැටි අලෙවි නොකරන බවට පොරොන්දු විය.

  5. john says:

    What a great idea.

  6. Sam Fernando says:

    It’s sheer stupidity. Who advised students to do so ?

  7. tony says:

    ඔයිට වඩා ලේසි නැද්ද ජනාධිපති ඇතුළු පාලනයට බුලත් තියලා වැන්දා නම් ? මොකද ඒ අයට නේ ඕක 100% නවත්වන්න පුළුවන් ..

Main News