දුම්වැටි හිගයක්.. අධික ඉල්ලුමක්..
August 2, 2019 at 5:30 pm | lanka C news
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්රිත සහ වතු ආශ්රිත නගරවල දින කිහිපයක සිට දුම්වැටි හිගයක් පවතින බව දුම්වැටි අලෙවි කරන ව්‍යපාරිකයන් පැවසිය.
දුම්වැටි අලෙවි කරන ඒජන්තවරුන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් දින කිහිපයක සිට ලබා නොදිම නිසා මෙසේ දුම්වැටි හිගයක් පවතින බව එම ව්‍යපාරිකයන් පවසයි.
දුම්වැටි හිගයක් පවතින බවට කල් තියාම දැනගත් ඇතැම් ව්‍යාපාරිකයන් දුම්වැටි තොග රැස් කර දුම්වැටි පාලන මිලට වඩා අධික මිලකට අලෙවි කරන බවද තොරතුරු අනාවරණය වෙයි.
රජය මගින් දුම්වැටි වල මිල ඉහල දැමිමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත දුම්වැටි නිෂ්පාදන සමාගම විසින් දුම්වැටි එජන්නතවරුන් වෙත දුම්වැටි නිකුත් කිරිම තාවකාලිකව සිමා කර ඇති බව පැවසෙයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මෙහෙත් බෙහෙතකට වත් ඩන්හිල් එකක් හොයාගන්න නෑ…
ආචාර්ය එන්.එම්.ආදර්ශය………ප්‍රතිඵල ගෙනෙයි. රජය සූදානම් ද ?