දුම් සහතික අහෝසියි..?

August 19, 2020 at 5:30 pm | lanka C news
දුම් සහතික අහෝසියි..?

රථ වාහන සඳහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.

දුම් පරීක්ෂණ බලපත්‍ර ලබා තිබුණ ද මහා මාර්ගයේ ගමන් කළ නොහැකි තරමට දුම් පිටකරන වහන ඕනෑතරම් දක්නට ඇති බවත් ක්‍රියාවලියේ කොතනක හෝ වරදක් සිදුව තිබෙන බව මෙයින් පෙනීයන බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩ පිලිවෙල වෙනසක් සිදු කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.

78,547 views

18 Comments to “දුම් සහතික අහෝසියි..?”

  1. Geeth says:

    ආදායම් බලපත්‍රයක් ලබාදිමෙදි රජය මගින් පිහිටුවන මධ්‍යස්ථාන මගින් වාහන නියමිත ප්‍රමිතියට අලුත්වැඩියාවකින් පසු ඒ සදහා මුදලක් අයකර වාර්ෂික බලපත්‍රය ලබාදිම වඩිත් සාර්ථක ක්‍රමවෙදය බව මාගේ හැගිමයි.

  2. murusira says:

    This is stupid thing. this has implement either correctly or removed. this was not apply for government vehicle. you can see on the road how many vehicle having high smoke. Because you can pay under arm take certificate.

  3. siran says:

    nipadawa…warsha 20 perani..waahana walata…125 c c adu cycle valata sahana lebe nam hodhayi..

  4. baiya says:

    anna karanawa nam honda wadak

  5. Alapaluwa says:

    ඔය දුම් පරීක්ෂනේ සම්පූර්න ප්‍රෝඩාවක්. වහාම අහෝසි කරන්න.

  6. Covid18+ says:

    මරු තීරණයක්නෙ. එහෙනම් ඉතින් ස්ත්‍රී දූෂණ එහෙමත් නීති ගත කරන්න බැරියැයි නීති තිබුණට ස්ත්‍රී දූෂණ වෙන නිසා. ගොන් වෑ නොකර කරන්න ඕනි ඕකෙ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදන එක. අද ඊයෙ උපන් එවුන් නොදන්නව වුණාට ඔය නිතිය එන්න කලින් පාරෙ යන්න තිබුණෙ දුම් වරුසා මැදින්.

Main News