දුම් සහතික අහෝසියි..?

August 19, 2020 at 5:30 pm | lanka C news
දුම් සහතික අහෝසියි..?

රථ වාහන සඳහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.

දුම් පරීක්ෂණ බලපත්‍ර ලබා තිබුණ ද මහා මාර්ගයේ ගමන් කළ නොහැකි තරමට දුම් පිටකරන වහන ඕනෑතරම් දක්නට ඇති බවත් ක්‍රියාවලියේ කොතනක හෝ වරදක් සිදුව තිබෙන බව මෙයින් පෙනීයන බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩ පිලිවෙල වෙනසක් සිදු කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.

82,379 views

18 Comments to “දුම් සහතික අහෝසියි..?”

  1. aniwa says:

    This was the main income of sirisena’s brother wasn’t it?

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    හොද වැඩක්. ලැබෙන ආදායම 25%ක් වත් රජයට එන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ. ඕක අවශ්‍යම නං ලංගම මගින් කරන්න. ඕක කොන්ත්‍රාත් එක ලබාදෙන එක්කෙනාටත් සියයට ගණනක් යනවා කියලා තමයි ජනතාව අතර ප්‍රචලිත. මෙතනත් අපිට සැකයක් තියෙනවා අළුත් බලධාරීන් කොමිස් බලාපොරොත්තුවෙන් මේ ගැන කතාකරනවද කියලා. රටට හිතැති විදිහට වැඩේ නොවුනොත් අපිට හිතාගන්න වෙන්නේ එහෙම තමයි.

  3. මහනුවර අක්‍රම් says:

    ඒකට දුම් පරීක්ෂණ අහෝසි කලාම හරිද?….. මෙහෙමත් හරක්!

    • අක්බාර් ලොක්කා says:

      යකෝ මේ පාඨලී නේද ? දුප්පතුන්ගේ පරණ වාහන දුවන්නේ කොහොමද ? දුම් සහතිකේ අහොසි නොකරනවා නං කෝච්චි ලංගම බස් දුවන්නෙ නැතිව නතර කල යුතුයි. හේන් ගොවිතැන දර ලිප් දර පෝරණු සහ සියළුම ගිණි තැබීම් සහ ගිණි පෙට්ටි තහනම් කල යුතුයි

  4. ධනූ says:

    පවතින ක්‍රියාවලිය මගින් අපහසුතාවයට පත්වන්නේ වාහනය හොඳින් නඩත්තුකර දුම් සහතිකයටත් අමතර වියදමක් දරන පරිසර හිතකාමී රථහිමියන්‍ ය (විශේෂයෙන්ම යතුරුපැදි)​. නමුත් ව්‍යාජ ලෙස පරීක්‍ෂණය සමත්ව අබලන් බරවාහන පදින්නන්ට එතරම් මුදලක් වැය නොවේ… මෙහිදී අවශ්‍ය වන්නේ දුම් සහතිකය මෙන්ම මහමගදී හදිසි පරීක්‍ෂණයත් සමත්වන රථහිමියන් ගේ දුම්සහතික වියදම නැවත ලබාදීමයි (හෝ මීලඟ සහතිකයට වවුචරයක් ලබාදීමයි). එවිට ඔවුනට පරිසර හිතකාමී ධාවනයක් සිදුකිරීම ගැන සතුටුවිය හැක​. ඇත්තෙන්ම දුම් පරීෂණය නිසා වාහනවල කාර්‍යක්‍ෂමතාව ඉහලයාමෙන් දිගුකාලීනව ඉන්ධන පිරිමැසීමද ඉහල යයි, එය වක්‍රව ජාතික ධනය ඉතිරියකි.

  5. desta says:

    lankawe wahanawala fitnesses certifying karanna light brake waipper plate. tyre s one year running condition certificate. aniwaraya karanna bus Maruwa ya speed cutters dum sahatikath balanna

  6. ගමරාළ says:

    පාටලී ට ගිය කුට්ටියට මොකද වෙන්නේ එතකොට ????

  7. Sirimal says:

    Don’t cancel it as it will directly effect Patali Ranawaka’s income.

  8. අක්බාර් ලොක්කා says:

    දුම් සහතිය අහෝසි කල යුතුයි

  9. Jehan says:

    කරන්න ඕනෙ දුම් සහතිකය අයින් කරන එක නෙවෙනේ, ඒක හරියට ක්‍රියාත්මක කරන එකනේ.

    • Geeth says:

      ආදායම් බලපත්‍රයක් ලබාදිමෙදි රජය මගින් පිහිටුවන මධ්‍යස්ථාන මගින් වාහන නියමිත ප්‍රමිතියට අලුත්වැඩියාවකින් පසු ඒ සදහා මුදලක් අයකර වාර්ෂික බලපත්‍රය ලබාදිම වඩිත් සාර්ථක ක්‍රමවෙදය බව මාගේ හැගිමයි.

  10. saman says:

    Hari saralayi ,Ooka ayin karalaa petrol diesel mila wedi karanawaa. ha haaa

Main News