දුමින්දගේ මොලයට බර හානි වෙලා.. – ජාතික රෝහල් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් අධිකරණයට දන්වයි..
March 4, 2017 at 3:18 am | lanka C news
මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ මොලයට දැඩි හානි සිදුව ඇති බව අධිකරණය වෙත වාර්තාවක් සපයමින් කොළඹ ජාතික රෝහල පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවට තවත් විශේෂඥ වෛද්‍යවරුන් නව දෙනෙකු අත්සන් තබා ඇත.
හිටපු මන්ත්‍රීවරයා දිගු කාලීනව වෛද්‍ය ප්‍රතිකාරවලට ලක්විය යුතු බවත් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතු බවත් වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් අධිකරණ කටයුතුවලට සහභාගී වීමට හිටපු මන්ත්‍රිවරයාට බාධාවක් නැතැයිද පවසන එම වාර්තාව ඔහුට ශ්වසන උපරකණ භාවිත කිරීමට අවශ්‍ය බවත්, පීඩාකාරී තත්වයන්හිදී රෝගී තත්වය උත්සන්න වනු ඇතැයිද සදහන්ය.