දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

June 1, 2022 at 10:02 pm | lanka C news
දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ වන විට බන්දනාගාර නිලධාරීන් භාරයේ සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධ හිගය වලිප්පුවට ලබා දෙන ඖෂධ සඳහා ද දැඩිව බලපා ඇත.

මෙරට රෝහල් තුළ අවසන් ඇති අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස මෙම ඖෂධය ද නම් කර තිබේ.

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස ලබා ඇතත් ජනාධිපති සමාව ලබා දුන් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව මත එම ජනාධිපති සමාව අත්හිටුවා ඇත.

194,530 views

20 Comments to “දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..”

  1. චන්ද දායක says:

    ලස්සන රූපයක්, කාය ශක්තියක් , පිරිපුන් මනුස්යෙක් හැටියට අපිට පෙනුනට , මොන තරම් අකුසල් කර ඇතිද මේ විදියට විඳවන්න.දැන් වත් ඔහුට කුසල්සිත් පහලවේවා!!!! ( නැවතත් නිදහස ලැබුන පසු )

  2. පියරත්න ගමගේ says:

    ජාතික ලැයිස්තුවෙන්ක එකෙක් අස්කරල පක්ෂය වෙනුවෙන් හිරබත් කෑ මල්ලිට මන්ත්‍රී කම් දෙන්න කියල රේනෝ ඉල්ලුවාලු..දුන්න සභාපතිකම මදිවෙලා බැසිල්ට චැනල් එකෙන් ගැහුවා අරගලයට මාධ්‍ය ආවරණය දුන්නා.. අරගලය හරහා අධිකරණය කෙලින් උනා..දැන් ෛ

  3. Ranjanee says:

    මේ නම් විදේශික කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. අද ජනාධිපති අසරණයි පොලිසිය හමුදාව නිවටයින් දැන් බලය මැර කල්ලි සහ පගාවට වැඩ කරන උසාවියේ ඉන්න නඩු කාරයන්ගෙ සහ තුට්ටුදෙකේ පෙරකදෝරු බාස්ලගෙ අතෙ . මෙහෙම ගියොත් හෙට අනිද්දට රණවිරුවන් අත්අඩංගුවට ගෙන නඩු අහන්න බෙල්ජියමට බාරදෙයි.

Main News