දුමින්දට එජාප අනුරාධපුර සංවිධායක ධුරය දුන් අයට වැඩ වරදියි..

April 4, 2018 at 6:26 am | lanka C news
දුමින්දට එජාප අනුරාධපුර සංවිධායක ධුරය දුන් අයට වැඩ වරදියි..

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා අනුරාධපුර නැගෙනහිර ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස දෝෂසහගත ලෙස සඳහන් නාම පුවරුව දෝෂ සහගත බව ඇමතිවරයාගේ මාධ්‍ය අංශය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

2018 මාර්තු 31 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ‍්‍රය සූර්ය බල ශක්තියෙන් ඒකාලෝක කිරීමේ අවස්ථාවේදී විවෘත කරන ලද සමරුඵලකයෙහි ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා අනුරාධපුර නැගෙනහිර ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස දෝෂසහගත ලෙස සඳහන් කර තිබීමත්, ඒ පිළිබඳව සමහර මාධ්‍ය මඟින් ලබා දෙන ප‍්‍රචාරයත්, පිළිබඳව ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහත ආකාරයෙන් කරුණු දක්වමි.

එලෙස උක්ත සඳහන් සමරුඵලකයෙහි දක්වා ඇති පරිදි ගරු දුමින්ද දිසානායක මැතිතුමා අනුරාධපුර, නැගෙනහිර ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස හුවාදැක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර එය උත්සවයේ සංවිධායකයන් විසින් සිදු කරන ලද දෝෂයක් වේ.

සංවේදී දේශපාලන මාතෘකා සාකච්ඡුාවට ලක්ව ඇති මෙවන් මොහොතක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන ගරු දුමින්ද දිසානායක මැතිතුමා අපහසුතාවයට පත්වන සහ ඔහුගේ ප‍්‍රතිරූපයට හානිවන අයුරින් මෙවැනි සිහිවටන ඵලකයක් සවි කිරීමත් ඒ පිළිබඳව ගරු අමාත්‍යතුමාගෙන් කිසිදු විමසීමකින් තොරව සමහර මාධ්‍ය මඟින් ප‍්‍රචාරය ලබා දීමත් පිළිබඳව දැඩි කණගාටුව මෙන්ම විරෝධය පළ කර සිටිමු.

තවද, ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ ප‍්‍රතිරූපයට හානි වන අයුරින් මෙවැනි දෝෂ සහගත සිහිවටන ඵලකයක් සංවේදී දේශපාලන වාතාවරණයක් පවතින මෙවන් අවස්ථාවකදී සවි කර මහජන ප‍්‍රදර්ශනයට ලක් කිරීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් සිදු කර, එකී දෝෂය හිතාමතා සිදු කරන ලද වරදක් නම් වගකිව යුත්තන්ට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ගරු දුමින්ද දිසානායක මැතිතුමා මේ වන විටත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති විෂය භාර අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇත.

එබැවින් ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ විෂය පථයට අයත් නොවන අමාත්‍යාංශයක් හා ආයතනයක් මඟින් සංවිධානය කරන ලද උත්සවයකදී දෝෂ සහගතව සවි කරන ලද සමරුඵලකයක් පදනම් කරගනිමින් එතුමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයට හානිවන අයුරින් ලබා දෙන මාධ්‍ය ප‍්‍රචාරයන් අත්හිටුවීමට සහ නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව සියලූ මාධ්‍ය සහෘදයන්ගෙන් ඉල්ලා සිටිමු.

– බී.එස්. ගුණරත්න

10 views

9 Comments to “දුමින්දට එජාප අනුරාධපුර සංවිධායක ධුරය දුන් අයට වැඩ වරදියි..”

  1. සුදා says:

    මනුස්සයෝ මේක කවුරුත් හිතා මතා කරපු දෙයක් නෙවයි .ඇයි මනුස්සයෝ ඔය ඵලකයේ තියෙන නම් කන්දරාව සහ තනතුරු කන්ධරාව නිසා ඔය වැරදීම ලෙහෙසියෙන්ම වෙන්න පුළුවන් .හැබැයි ඉතින් එක හරියටම ගැලපෙනවා .

    මාද්‍ය කරන්නේ ප්‍රවුර්ති වාර්තා කරන එක. තමුසෙලාගේ ඇමති ගේ නම එකසත් ජාතික පක්ෂ සංවිදායක කියල දාලා තිබුණු එක නිව්ස් එකක් තමයි .එක මාද්යේ පලකරන්න තමුසෙගෙ අමතියාගෙන් අහන්නේ මොකටද ? ඒ වැරදි ඵලකය ගැන ප්‍රවුර්ති පළකිරීම අත්හිටවන්න කියන්න තමුසෙලා කවුද ?
    මේ රටේ නිදහස් මාද්‍ය නෙවෙයිද තියෙන්නේ ?තමුසෙගෙ ඇමතිගෙන් ඇහුවා උනත් මිනිහා එක එහෙම නෙමෙයි කිව්වත් ඒ නිව්ස් එක දාන්න පුළුවන්” මෙන්න වැරදි ඵලකයක් සවිකරලා තියෙනව” කියල ..තව කොහොමද මේවගේ එකෙක්ට අගමැතිකමක් එහෙම ලැබුනොත් මේ රටේ මාද්‍ය වලට මු සිල් තියාවි .
    අපි හැමදාමත් කියනවා වගේ මේ රටේ දේශපාලනයට උගත්කම පවුල් පසුබිම අපේක්ෂකයාගේ හැදියාව වගේ කාරණා බලන්න ඕනා ඔවුන්ව දේශපාලලනය එන්නට පෙර එහෙම උනානම් මේවගේ මිනිස්සු දේශපාලනයට ඇතුලත් වෙන්නේ නෑ.කොහෙද තාත්තලා ගේ ඉඳලා වැරදි මිනිස්සුනේ අරගෙන තියෙන්නේ .

  2. Denis says:

    Oyala gana balaganna chande enakam api balagena inne

  3. Ratnamalala says:

    Oke athi dosayak naha.kohomatath meya navatinne UNP eke thama.

  4. Ratawasiya says:

    Me wage deyakwath niwaradiwa karanna bari ewunge naayakayo kiyaganna ewunge keruwawaluth me wagema bawa rata pathwela thibena thathwayen pahadilawa penennata thibenawa.

  5. Berty says:

    අපේ හන් දියේ කොල්ලෙක් ඉන්නවා කාගෙ හරි වත්තකට පැනල පරන යකඩ කෑලි උස්සන් ගිහින් විකුණල ගංජ ගහනව​. මේ පින්තූරෙ ඉන්න කෙනා ව දැක්කම ඌව මතක් වෙනව​. හේතුව නොදනිමි.

  6. Wilson Thilakaratna says:

    Knowing very well, a fraud took place at the Central Bank, Some Mps showing their law biological birth vote against the no confidence motion against Prime Minister.

  7. මනම්පේරි says:

    මෙහමයි ඕකා වගේ මනුස්සයෙක්ට පක්ෂය වැඩක් නෑ රට ජාතිය වැඩකුත් නෑ රටේ සල්ලි කොල්ල කෑවද කියල වැඩක් නෑ රට ජාතිය පාවල දෙනවද රණවිරුවෝ පවල දෙනවද කියල වැඩක් නෑ කෘෂිකර්මය නැතිබන්ගස්තාන කරලා වී ගොවිතැන විනාස කරලා දානවද කියල වැඩක් නෑ ඕකුන් වගේ එවුන්ට ඕනා තමුන්ට ඇමති කමක් ලැබෙනවාද එකෙන් හොදට ඉහගෙන කන්න පුලුවන්ද තමුන්ගේ හොර ගෑනිගේ ගොඩනැගිල්ලට මහජන මුදල් කොටි ගානක් ගෙව්වනවද කියන දේ විතරයි .ඒ වෙනුවෙන් ඕකා රට ජාතිය හා අනික් දේවල් ඔක්කොම පාවල දෙවි .ඕවා ජාන වල වැරදි පවුල් පසුබිමේ වැරදි තමයි .මේවගේ සත්තු ගැන ගම්වල මිට වඩා වැදගත් ගොවි මහත්වරුන්ට අවබෝද කරලා දීලා මුන්ව දෙහ්සපාලනයෙන් සුන්නද්දුලි කරලා දාන්න ඕනා රට වෙනුවෙන් .නැතිනම් මේ අලුතින් ඇතිවන අපත දේශපාලන පන්තිය දශක කිහිපයකින් මේ රට ඉන්දියාවට හා බටහිරයට පාවලා දෙවි .නොදකින් මේ වගේ ජඩයන් ගේ මුණ දකින එකත් මුසලයි

  8. Rajia says:

    Thamuse එජාප හිටියත් ශ්‍රීලනිප හිටියත් මොන මගුල හිටියත් අපිට පාන්ද?

  9. mali says:

    It is media responsibility to reveal all these crooks and their activities then people should get rid of them in next parliamentary election but unfortunately due to our idiotic constitution even people defeat them they get into the parliament. .People should need another constitution or need a dictator to get rid of these crooks from politics to develop this country.This current constitution can not be categorized as a democracy because the vote is being riddled by these politicos to get into the parliament so we need a dictator at the moment to solve all these things.

Main News