දුමින්ද-අමරවීර මහ ලේකම්වරු නොවේ.. ඔවුන් ‘මහ කේලාම්’වරුයි.. ඔවුන් කරන්නේ අගමැතිට කේලාම් කීමයි..- නල්ලතන්නියේ සිට ඩිලාන් මහගිරි දඹ නැගීම අරඹයි..

April 17, 2018 at 11:21 pm | lanka C news
දුමින්ද-අමරවීර මහ ලේකම්වරු නොවේ.. ඔවුන් ‘මහ කේලාම්’වරුයි.. ඔවුන් කරන්නේ අගමැතිට කේලාම් කීමයි..- නල්ලතන්නියේ සිට ඩිලාන් මහගිරි දඹ නැගීම අරඹයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින්නේ මහ ලේකම්වරු දෙදෙනෙකු නොව මහ ‘කේලම්වරු’ දෙදෙනෙක් යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහ කේලම්වරුන් කරමින් සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහට ගතු කීම බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය විසින් ඇප ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණය ඉදිරිපිටදී ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

31 views
Main News