දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..

April 13, 2018 at 10:40 am | lanka C news
දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..

ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහලේකම් තනතුරින් හා ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රීලනිප උප ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි යෝජනාවක් මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට එම පක්‍ෂ මැති ඇමති පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම මහින්ද අමරවීර මහතා දරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධුරයෙන්ද ඉවත් කල යුතු බවට ඔවුන් යෝජනා කිරීමට අදහස් කර ඇත.

මෙම යෝජනාවන් ගෙන ඒමට හේතු වී ඇත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගට පක්‍ෂ වීමට ශ‍්‍රීලනිපය තීරණය කර තිබියදී හේතුවක් නොදක්වා ඡන්දය දීමෙන් වැලකී සිටි නිසා මෙම යෝජනාව ගෙන ඒයම නියමිතය.

109 views