දුමින්ද අසාර්ථකයි.. ශ්‍රීලනිප මහ ලේකම්ධුරයෙන් ඉවතට.. අලූත් මහ ලේකම් අමරවීර.. සන්ධාන මහ ලේකම් යලි සුසිල්
April 1, 2017 at 11:20 am | lanka C news
ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ස මහ ලේකම් ධුරයෙන් ඉවත් කර එම තනතුර සදහා ඇමති මහින්ද අමරවීර මහතා පත් කිරීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.
එහිදී පුරප්පාඩු වන සන්ධාන හ ලේකම් ධුරය සදහා නැවත වතාවක් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පත් කිරීමට නියමිත අතර ශ්‍රීලනිප ජාතික සංවිධායකයා ලෙස ඇමති දුමින්ද දිසානායක පත් කිරීමටද නියමිතය.
ඇමති දුමින්ද දිසානායක දිගින් දිගටම විදෙස් සංචාරවල නිරත වීම නිසා පක්ෂයේ හා ඇමති ධුරයේ කටයුතු අඩාල වී ඇති බවත් ඔහුගේ යම් යම් ප්‍රකාශයන් හේතුවෙන් පාක්ෂිකයින් පක්ෂයෙන් වේගයෙන් ඈත්වෙන බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.