දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්රණයක..
September 3, 2017 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය බිඳදැමීමේ කුමන්ත්රණයක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් යෙදී සිටින බවට වූ පැමිණිල්ලක් විජයබා පරපුර සංවිධානය විසින් අද දින (2017/09/02) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලදී.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු විජයබා පරපුර සංවිධානයේ සභාපති සුගීෂ්වර බණ්ඩාර මහතා..
අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්රණයක
විජයබා පරපුරෙන් සී.අයි.ඩී. යට අපූරු පැමිණිල්ලක්.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිරන්තරයෙන් කැමති එතුමාව සරල චාම් ජනාධිපතිවරයෙක් විදිහට රට දකිනවට. ඇත්තෙන්ම එතුමා බොල්ට් පොයින්ට් පැනෙන් අත්සන් කරලා තමයි රාජ්‍ය නායකයා විදිහට වැඩ බාරගත්තේ. එතුමා ආහාරයට ගන්නේ රජබොජුන් වෙනුවට ගෙදරින් ගේන බත් පත. ඒ වගේ සරල චරිතයක් එතුමාට තියෙන්නේ කියලා හැම විටම ප්‍රකාශ කරනවා. එතුමාගේ සරල ප්‍රතිරූපය විනාශ කරන කුමන්ත්‍රණයක් එතුමාගේ සුවච කීකරු ගෝලයකු වන දුමින්ද දිසානායක අමාත්‍යවරයා හරහා ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ජනාධිපතිතුමා පරිසරයට ආදරය කරන පුරවැසියෙක් විදිහට පොලීතින් සම්බන්ධයෙන් යම් තහනමක් පැනෙව්වා. මෙහෙම තත්ත්වයක් තියෙද්දිත් එතුමාගේ නායකත්වයෙන්, සභාපතිත්වයෙන් සහ සහභාගිත්වයෙන් පැවැත්වෙන පක්ෂයේ 66 වන සංවත්සරය වෙනුවෙන් Polyvinyl chloride කියන පරිසරයට අහිතකර පොලීතින් වර්ගය භාවිතා කරමින් එතුමාගේ රුව ද සමගින් විශාල කටවුට් විශාල ප්‍රමාණයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශය පුරා ප්‍රදර්ශනය කර තිබෙනවා දැක ගන්න පුළුවන්.
එතුමා ජනාධිපතිවරණයට දුන්න ප්‍රධානම පොරොන්දුවක් තමයි, තමා කිසිදු වැඩකට කටවුට් ගැසීමක් කරන්නේ නෑ ඒ යන මහා ධනස්කන්දය වකුගඩු රෝගීන් සඳහා වන අරමුදලට බැර කරනවා කියලා. මේ වගේ ප්‍රතිපත්තියක් තිබෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමක් තමයි දුමින්ද දිසානායක ඇමතිතුමා කරන්නේ. අපි දැක්කා මේ නිසා සමාජ මාධ්‍යජාල වල ඉතාමත් නිර්ධය ලෙස ජනාධිපතිතුමා විචේචනය කරනවා. එතුමා මේ විවේචනයට ලක්වෙන්නේ දුමින්ද දිසානායක ඇතුළු මේ කල්ලිය කරන වැඩ නිසා. අපි අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා ජනාධිපතිතුමා කටවුට් ගහන්නේ නෑ කියලා පොරොන්දුවක් දීලා තියෙද්දිත් කොහොමද මෙහෙම කටව්ටු ගහලා සැණකෙළි පවත්වන්නේ කියලා. අපි හිතනවා ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය ආරක්ෂා වෙන්නත්, තවදුරටත් එතුමා ජනතාව තුළ සරල ජනාධිපති කෙනෙක් විදිහට තහවුරු වෙන්නත් අවශ්‍ය ආකාරයේ සාධාරණ පරික්ෂණයක් සිදු කරයි කියලා.
අපි හැමවෙලාවෙම එළියේ ඉදගෙන එතුමා කරන වැරදි දේවල් වලට එරෙහිව සටන් කරන කණ්ඩායමක්. නමුත් මේ කුමන්ත්‍රණය දියත් වෙන්නේ එළියෙන් නෙවෙයි ඇතුළෙන්. තමන්ගේ ළගම ඉන්න ගෝලයාගෙන්. කිසිම පුවත්පතක මේක පළවුණේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා මේ පිළිබදව දන්නේ නෑ කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා දන්නවා නම් මේක නවත්තනවා කියලා අපි දන්නනවා. මේක පළවුනාට පස්සෙවත් මේ පිළිබද විධිමත් පරික්ෂණයක් පවත්වන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල
Baluwama sarala rekawak wage thamai
අයිසේ මාර වැඩේනේ….මගෙ කටවුට් ගහල කියල මම දැක්කේ පත්තරෙන්නෙ…පත්තරේට වැරදිලා ඇත. ෆයිසර් මුස්තාෆා පොර වෙන්න මාව විකුණනවා වගේ….
ඔව් මම ප්‍රකාශ කරනව මේ වැඩේ වැරදියි කියල හිටං. මම නියොග කරනව මේ රැස්වීමෙන් පස්සේ මේව සියල්ලම අයින් කරන්න කියල හිටං
“කිසිම පුවත්පතක මේක පළවුණේ නෑ.
ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා මේ පිළිබදව දන්නේ නෑ කියලා අපි විශ්වාස කරනවා.
ඔබතුමා දන්නවා නම් මේක නවත්තනවා කියලා අපි දන්නනවා”
මානිගේ තීරැව වගේ- නියමයි!
😂😂😂😂😂
මගේ රූපෙ තියෙන පොලිතින් කමක් නෑ . ඒව ගහන්න ඉස්සෙල්ල දිරල යනව.
අර මහින් දයගෙ රූපෙතියෙන ඒව තමයි තහනම් කරන්න කිව්වෙ. ඒව කොහොමටවත් දිරන්නෙ නෑ.
දැන් බලහල්ල මම ලොක්ක උනා කියල මං උඩ පැන ගෙන ආවට මිනිස්සුන් ගෙ හිතේ ඒක දිරල ගියා. මහින් ද කොහොමද ? හැම එකාම මහින් ද මහින් ද .
රූපෙ දිරයි නාමෙ නොදිරයි කිව්වට යකෝ මගෙ නාමෙත් දැන් දිරල.
Best one……!
🙂
“අපි හැමවෙලාවෙම එළියේ ඉදගෙන එතුමා කරන වැරදි දේවල් වලට එරෙහිව සටන් කරන කණ්ඩායමක්. නමුත් මේ කුමන්ත්‍රණය දියත් වෙන්නේ එළියෙන් නෙවෙයි ඇතුළෙන්. ”
මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොකරන්නට තීරණය කල බව විජයබා පරපුරට දන්වා සිටිමු.??????????
Kiyana kota ehemai karanakota mehemai. ei danne nethda?