දුමින්ද නිදහස් කරන්න මන්ත‍්‍රීන් 150කගේ අත්සන්..

October 30, 2020 at 9:20 am | lanka C news
දුමින්ද නිදහස් කරන්න මන්ත‍්‍රීන් 150කගේ අත්සන්..

මරණ දඩුවම නියම විී මේවන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමට තමන් විසින් තැබු අත්සන ඉවත් කර ගන්නා බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹදි පැවැත්වු මාධ්‍ය හමුවේදි අදහස් දක්වමිනි

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

නව රජයට ජනතාව බහුතර බලයක් ලබාදී තියෙනවා. එදා මිරිිසුවිල් ගම්මානයේ මිනීමැරුම් චෝදනාවට දඩුවම ලැබූ හමුදා නිලධාරියාට සමාව ජනාධිපති සමාව ලැබුණා. ඊට අවශ්‍ය වූ ජනවරම තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශයෙන් ලබාගත් බවට ආණ්ඩුව ප‍්‍රකාශ කරනවා.

එසේම පසුගිය ආණ්ඩුව කාලයේදි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද රෝයල් පාර්ක් නිවාස සංකීරණයේ සිදු වූ මිනීමැරුම් චෝදනාවට ලක්ව මරණ දඩුවම ලබා සිටි පුද්ගලයාට ජනාධිපති සමාව දී නිදහස් කළා.
මෙවන් පසුබිමක් යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 150 කට නොඅඩු පිරිසකගේ අත්සනින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ලේඛණයට මා අත්සන් තැබුවේ මේ හරහා ඇති වන ප‍්‍රචාරය මත මේ වන විට දශක ගණනක් මුළුල්ලේ බන්ධනාගාර ගතව සිටින සියයක් පමණ දමිළ දේශපාලන සිරකරුවන්ගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි රටේ අවධානයට යොමු කරවීමටයි.

දමිළ දේශපාලන සිරකරුවන්ට ලැබිය යුතු යුක්තිය සම්බන්ධයෙන් මේවන තෙක් රටේ අවධානයට යොමු ව නැහැ. මා උත්සාහ කළේ දමිළ සිරකරුවන්ගේ ප‍්‍රශ්නය රටේ ජාතිික තලයේ අවධානයට ලක් කර ඔවුන් ට ද නිදහස් වීමේ අවස්ථාව උදා කරගැනීමටයි.

දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමේ පෙත්සමට මා අත්සන් කළ පසුව ලංකාෙවේ ප‍්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ නායකයන් දෙපළකට කතා කොට අපි දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කර ගැනීමට පෙත්සමක් සූදානම් කර එය ජනාධිිපතිවරයාට බාරදීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු යැයි යෝජන කළා. නමුත් මාගේ එම ඉල්ලීමට සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

මම ඉල්ලීම කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ. සුමන්දිරන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්ම් අඩෙක්කලනාදන් යන දෙපලගෙනි. සුමන්දිරන් මහතා ප‍්‍රකාශ කර සිටියේ දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට මෙය අවස්ථාවක් නොවන බවයි. එසේම අඩෙක්කලනාදන් මහතා ඒ පිළිපදව පසුව සළකා බලන බව පවසා සිටියා. කෙසේ හෝ මාගේ මේ පාර්ලිමේන්තු සගයන් දෙපළට තමුන්ගේ ස්ථාවරය ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය මා ගරු කරනවා.

දුමින්ද සිල්වාගේ පෙත්සමට මා අත්සන් කිරීමේ සැබෑ වුවමනාව පිළිබද කිසිදු අවබෝධයක් නොමැති ජනතාව මා විවේචනය කරමින් සිටිනවා. තවද වසර 25 කට අධික මාගේ දේශපාලන ඉතිහාසය පුරා පැතිමාරු නොකරමින් මුදලට වහල් නොවී ප‍්‍රතිපත්තිගරුක ගමනක මම ගමන් කරන මේ අවස්ථවේ් මා වෙත එල්ල වූ මාරාන්තික ජීවිත තර්ජන නොසලකා මානව හිමිකම වෙනුවෙන් ඉදිරිපත්වී කළ කැපවීම‘ පිළිබදව මතකය අවදි කරගන්නට ඔවුන්ට නොහැකි වි තිබෙනවා.

එසේම දශක ගණනක් තිස්සේ සිරගතව සිටින දමිළ දේශපාලන සිිරකරුවන් නිදහස් කරගැනීමට මා කළ උත්සාහය ලඝු කරමින් එකී සිරකරුවන් මිනීමරුවන්ට සමාන කරන්නේ යැයි ඇතැම් දෙමළ පාර්ශවයන් මා හට චෝදනා එල්ල සිටියි. ඒ අයට මා ප‍්‍රකාශ කර සිටින්නේ අප දෙමළ දේශපාලන සිරකරුවන් යන නාමයෙන් ඔවුන් හැදින්වනු ලැබුවත් මේ රටේ දකුණේ බහුතර ජනතාව තවමත් ඔවුන් තස්ත‍්‍රවාදීන් ලෙස සලකන බව තේරුම් ගත යුතු බවයි. එකෙකුගේ සටන්කරුවා අනෙකාගේ අපරාධකාරයා ය යන ලෝක මතය අමතක කර වැඩ කිරීමට නොහැකි බව ඔවුන් තේරුමි ගත යුතුයි.

දෙමළ හෝ මුස්ලිම‘ ජනතාවට ඇති මෙවන් ව්‍යාකූල ප‍්‍රශ්න විසදාගත හැකි වන්නේ දකුණේ සිංහල ජනතාවට ඒ පිළිිබදව අවබෝධයක් ලබා දීම තුලින් බව මාගේ දැඩි විශ්වාසයයි.

දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමෙ‘ පෙත්සමට මා අත්සන් කිරීම නිසා ජනතාව අතර සිටින අතලොස්සක් තුළ මෙ‘ පිළිබද යම‘ ව්‍යාකූලත්වයක් ඇති වීම ආයුධයක් කර ගනිමින් මාගේ දේශපාලන සතුරන් මට එරෙහිව බොරු ප‍්‍රචාර කරමින් මාගේ ප‍්‍රතිරූපය හා අවංකකම විනාශ කිරීමට සැළසුම‘ සහගතව කටයුතු කරන බව මට පෙනී යනවා. ඒ හරහා මාගේ සටන්කාමී දේශපාලන ඉතිහාසය විනාශ කිරීමට බොළද උත්සාහයක ඔවුන් නිරත වෙනවා.

ඒ අනුව ඉහත සදහන් එම කරුණු සළකා බලා දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමට මා තැබූ අත්සන ඉවත් කර ගන්නා බව මෙයින් ප‍්‍රකාශ කරන්න කැමැතියි. එසේම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සදහා ආණ්ඩුවෙ‘ හා දකුණේ බහුතර සිංහල ජනතාවගේ අවධානය ඒ සදහා යොමු කර ගැනීමට මා දැරූ උත්සාහය වැරදි ආකාරයෙන් තේරුම ගැනීම පිළිබද මා හදවතින්ම කම්පා වෙනවා.

නමුත් දීර්ඝ කාලීිනව තමුන්ගේ බිිිරිද, දරුවන් ,දෙමාපියන්ගෙන් වෙන්ව අනන්ත දුක් විදිමින් බන්ධනාගාරවල දිවි ගෙවන දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිම උදෙසා ප‍්‍රජාතාන්ත‍්‍රීය ක‍්‍රියාමාර්ග ඔස්සේ කරන අඛණ්ඩ උත්සාහය මා දිගටම කරනවා. ඒ සමගම එකම රටක් තුළ ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපි කාටත් ජීවත් වීමට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කරනු ලබන සටන අත් නොහරින බව ද මා ප‍්‍රකාශ කරනවා.

– මාධ්‍ය අංශය

38,682 views

13 Comments to “දුමින්ද නිදහස් කරන්න මන්ත‍්‍රීන් 150කගේ අත්සන්..”

  1. ඇලකන්දේ කුඩු සුමියා says:

    සිරකරුවෝද මනුශ්‍යයෝය. දුමින්ද සිල්වා නිදහස් කරන්න මන්ත්‍රී අත්සන් කුමටද ? ජනාධිපති ට අවශ්‍ය නම් එක රැයෙන් කරන්න පුළුවන්.
    මෙතන දුමින්ද සිල්වා නිදහස් කරන එක නෙමේ ප්‍රශ්නේ. එහෙම නම් ඊට සමානව මරණ දණ්ඩනයට යටත් වෙලා ඉන්න සියලුම සිරකරුවන් ට නිදහස ලබා දෙන්න. එහෙම නැත්නම් අලුත්කඩේ වහලා එතන රෙදි කඩයක් දාන්න.

    • Alapaluwa says:

      🙏😂😂❤

      • Deviyo says:

        Mokatada Janaadhipathi maedihath karanne? Mantirila pissu natanne mokatada? Duminda athe neva vaede thiyenne. Eyaata thiyenne SC ekata neethyanukulava illeemak karanna elivee thibena aluth thorthuru, saaksi anuva thamanta viruddha nadu theenduva naevatha salakaa balaa thaman nidahas karanna kiyala. Mokada kenekuta Aandukrama vivasthaaven himi karala thiyena aithivaasikam anuva thamanta yukthiyata anuva nadu vibhagayak thibune nathi nisaa.

  2. MD says:

    අනේ මනෝ ඔයා හිතාගෙන ඉන්නේ යමපාලනයේ හිටපු පරදේශක්කාරයෝ රවටපු විදියට මෙයාලත් රවටන්නද?ඔයා ඉන්න මනෝ ලෝකයෙන් බිමට බහින්න.හදවතට එකඟව වැඩ කලොත් තමන්ට හරියයි.

  3. Mac says:

    Apet kenek innawa. Marana daduwama deela. Farmer kenek. Berida me singn 150 gahala nidahas karanna.

  4. Niroshan ekanayake says:

    මන්ත්‍රිවරුන්ගේ මෙම අත්සන් ක්‍රියා කලාපයෙන්
    ජනතාවට පසක් කරනු ලබන්නේ ඔවුනට අධිකරණය
    පිලිබදව විශ්වාසයක් නොමැති කමයි. මේ අනුව අහිංසක ජනතාව අතරමන් වී ඇත.මන්ත්‍රිවරුන් ඔවව්න වෙනුවෙනුත් පෙනී සටිය යුකුයි.

  5. ක්‍රිමිනල් says:

    දැන් රටේ මූලික අවශ්‍යතාවය ආර් .දුමින්ද සිල්වා නිදහස් කරන එක , කොවිඩ් පැතිරී ඇති රටවල් 218 න් ලංකාව දෛනික ආසාධිතයන්ගෙන් ඉන්නේ 67 වන ස්ථානය . තැරිදාර පුන්නක්කු බෛයො , කාර්ඩ් බොර්ඩ් දේශප්‍රේමීයේ චූන් කරන්න අමූ ගොං වැඩ නොකර , රටේ කොවිඩ්19 මර්ධනය කරන්න සුපැහිදිලි වැඩපිලිවෙලක් දියත් කරන්න.

    • 2015 මීහරකා says:

      හරියට හරි. එදත් මීහරකා අදත් මීහරකා. දෙමු මඩපාර නියමෙට. අපි ඉතිං එදත් මඩ පචෝරිස්ල අදත් මඩ පචෝරිස්ල.
      අපි ඉන්නෙ 117 වෙනි තැන බව අඟවන්නවත් එපා. අපේ වැලේ වැල් නැතිවුනත් ලජ්ජා ගෑවිලාවත් නැති එක මාර අාශීර්වාදයක්.

    • කාන්තාර පළඟැටියා says:

      💪 අන්න එහෙම ඉලක්කෙට ගහපිය. හැබැයි තැරි දාර බයියන්ට මේව තේරෙන්නනම් යම රජ්ජුරුවන්ට කියල මුන්ගෙ පසුපස ව්‍යච්චේදනය කරන්න වෙනවා.

  6. subasinghe says:

    As par as I no both Hirunikar and Mano are in the same front !!! Is Hiruniker gambling her father’s death?

  7. Ronnie says:

    Thank you sir. Release other men’s who had death sentence. No need courts !!!! Why we waste money for courts proceedings!!! Last chance of developing the country got vanished!!!!!!

  8. RED BULL says:

    දුමින්ද නිදහස් කරන්න​.ඒ වෙනුවට මනෝ ඇතුලට දාන්න​.

  9. ඒ කියන්නේ 2/3 තිබෙනවා.

Main News