දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි…

June 24, 2021 at 1:20 pm | lanka C news
දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි…

මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධය පලකරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ යුක්තිය ඉටු නොවී අපරාධකරුවන් නිදහස් ව ඇති බවයි.

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසට මහාධිකරණයෙන් දඬුවම් නියම කරන ලද්දේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනයේ වරදකරුවන් කරමිනි.

සුමනා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

—————-

ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!

‘නිදොස් කොට නිදහස් කිරීම‘ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත.

අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහිවී තිබේ.

සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. ‘එක රටක නීති රැසක් ඇති බව‘ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.

රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත.

ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි.

නීතියක් නැති රටක, දඩුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස් ව ඇත!

– සුමනා ප්‍රේමචන්ද්‍ර

121,051 views

39 Comments to “දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි…”

  1. චන්ද දායක says:

    නිව්ස් එකයි කමෙන්ට්ස්සුයි එකට ම එනවා වගෙ.

  2. Chamara says:

    Mei rajaye karya baraya wuuyee neetiya awaneethiya kireemaya.mineemaruwo nidahas kamathi.wishala duushana chodana athi ayage nadu iwath karaganithi. Gowiya athulu mahajanathawta bade pahara. ayukthiya , asadaranaya piri ratak.munwa pathkala 69 lakshayata sapa wewa.

  3. Boris Vanculenberg says:

    So you all bloody stupid morons say freeing Duminda is right?? Go to hell fools, you all have no brains, simply animals

    • Sick Gonjan says:

      Hey you foolish bastard .I am no fan of duminda but how can a guy shoot another when he himself as shot in the head .Gonjan Ramanayaka the disgusting bastard threatened the judges and got the death penalty for Duminda .Partly its done to get sexual interactions with Hirunika becuase Ranjan was sick jelous guy

  4. නිවැරදි ශාකෂි පවති.... says:

    හාරත යුධසමයේ කොටි ත්‍රස්ථයන්ට රැකවරනය දුන් බවට සහ මෙම කාන්තාවගේ අනුබලදීම් පිළිබඳ නිවැරදි ශාකෂි පවති….

  5. Love nature says:

    වයිරයෙන් වයිරය නොසන්සිඳේ.

  6. Love nature says:

    නොසංසිදෙන වයිරයෙන් සසර දුවන්නේ තමංමයි.

  7. GIJOE says:

    Sri Lanka is a part of US government.
    This is it.

  8. කොලොන්නාව ජයහඬ. says:

    දුමින්ද අයියේ දැන්ම කලබල වෙන්න එපා. හිරුනිකයි මේ ගෑනියි ගැන හිමීට බලාගමු.

  9. Nawodhi says:

    MY3 did same thing for another person. What nice backbone less nation and its citizens. You deserve worse than this.

  10. පත්මිනී රණවක ලවා අදිකරන දෙවගන දූශනය කරන කොට මුක අදෝමුක වහගෙන හිටිය මේ පත්තිනිය දැන් ආරූඩ වෙලා. ගිනිඅවි සහ ගිනිකෙලි සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු අයට දෙවියෝ වැඩිකල් ඉන්න දුන්නෙ නෑ! හිරුනිකර් රන්ජන් කුනුහරුප සංවාසය, සමාවෙන්න! කුනුහරුප සංවාදය මේ මෑනියෝ අහගෙනද හිටියේ පහුගිය කාලේ. ඉදකින්! අසාදරන විදිහට මරන දඩුවමට ලක්වූ ඔහු නිදහස් කිරීම අගයකොට සලකමි.