දුමින්ද නිදහස් කලේ ජනාධිපති බලය අවභාවිත කරලා…- SJB

June 24, 2021 at 5:30 pm | lanka C news
දුමින්ද නිදහස් කලේ ජනාධිපති බලය අවභාවිත කරලා…- SJB

මරණ දඬුවම නියම වි බන්දනාගාර ගත කර සිටි දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම හෙලා දකින බව සමගි ජන බලවේගය සදහන් කරයි.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—–

ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වේ.

එකි සමාව ලබාදීමට ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇද්දැයි නීතිඥ සංගමය නගන ප්‍රශ්න තුලින් ගැටලුවක් ද පැන නගි.

වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ආණ්ඩුව නම් මම යැයි සිතමින් බව පෙනේ. පාර්ලිමේන්තුව අධිකරණය තමාට රිසි පරිදි ක්‍රියා කළ යුතු බව එතුමාගේ ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කෙරේ.

මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට බරපතළ අනතුරකි. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න කරමින් සිටි. යුරෝපා සංගමය පසුගියදා සම්මත කළ යෝජනාව තුල රටේ අනාගත ආර්ථිකයය ද විශාල අභියෝගයකට ලක්ව තිබේ. දේශපාලන පලිගැනීම් පිලිබද ජනාධිපති කොමිසම යනුවෙන් අපකීර්තිමත් කොමිසමකින් නිර්දේශයන් ලබා ගනිමින් අධිකරණය ලබාදුන් තීන්දු වෙනස් කිරිමට නීතිපතිතුමාට බලපෑම් එල්ල කොට තිබේ. අමාත්‍ය මණ්ඩලය හරහා අධිකරණ තීන්දු වෙනස් කරලිමට උත්සාහ දරයි.

මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන්නේ රටේ නීතියක් හෝ ශීලාචාර පැවැත්මක් නොමැති තැනකට රට ගෙන යන බවයි.

ත්‍රි පුද්ගල මහාධිකරණයක් මගින් නියම කල දඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් තහවුරු කල දඩුවමක් මෙලෙසට විධායක බලය යොදා වෙනස් කරන්නෙනම් පැහැදිලිවම එය රටේ යහපාලනය පිලිබදව ප්‍රශ්නයක් ඇති කරන්නකි.

මෙම සිදුවිම ඉතාමත් සංවිධානාත්මකව සිදු කල බව නොරහසකි. දේශපාලන පලිගැනීමේ කොමිසමට කිසිසේත් අදාළ නොවන දුමින්ද සිල්වාගේ නඩුකරය කොමිසමේ කාර්ය අවසන් වන මොහොතේ බාර ගැනීමත් ඒ සා බරපතල තීන්දුවක් දේශපාලන පලිගැනීමකට ලඝු කිරිමට කටයුතු කිරිම මෙම තීන්දුව දුන් එවකට කටයුතු කල අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමන්ලාට ද කල අපහාසයකි.

දුමින්ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ද මෙම නිර්ලජ්ජිත තීරණය ගැනීමට පසුබිම සැකසිමක් බව පැහැදිලි වේ.

රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින පිරිහීමට ලක්කරන ආණ්ඩුව මෙම ක්‍රියාව තුලින් ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් අපගේ මාතෘ භුමිය තව දුරටත් හුදකලා කරනු ඇත.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය ලබාදුන්නේ නීතිය තමාට ඇවැසි ලෙස භාවිතා කිරිමට නොවේ.

දුමින්ද සිල්වාට එල්ල වුයේ මිනිමැරුම් චෝදනාවකි. එම මිනිමැරීම තුල වින්දිත පාර්ශ්වයක් ද සිටි. ආණ්ඩුව තමාගේ දේශපාලන හිතවතාට සමාව දෙමින් සිදුකරනුයේ වින්දිත පාර්ශ්වයන්ට නීතියෙන් ලබා දුන් සාධාරණත්වය අහිමි කිරිමයි. මෙවැනි සිදුවිම් සිදුවිය හැක්කේ ගෝත්‍රික වැඩවසම් වහල් පාලනයක් තුල පමනි.

තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ජනාධිපතිවරයා ⁣දුන් මෙම වැරදි පූර්වාදර්ශය තුලින් රටේ අනාගතය අනතුරකට හෙලා ඇත. එබැවින් වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරමු.

53,910 views

23 Comments to “දුමින්ද නිදහස් කලේ ජනාධිපති බලය අවභාවිත කරලා…- SJB”

  1. janaka says:

    දුමින් දට වෙඩි වැදිලා සිටිද්දී ගාතනය වුනු බාරත ලක්ෂමන් නමැති මැරයා ගේ ගාතනය දුමින්ද පිට පටවලා විනිසුරුවන්ට බලපෑම් කරලා මරණ තර්ජන කරලා හිරුනිකාගේ ලිංගික අල්ලස් ලබාගනිමින් දුමින්දට බොරු මිනීමැරුමක් පටවල හිරගත කරන්න වැඩකටයුතු කලේ පුතානෝ උඹේ පක්ෂයේ ඉන්න රන්ජන් රාමනායක නේද එතකොට එක ගැන මෝඩ පුතානෝ කියන්නේ මොකද්ද ?

  2. Lakshman Jayasinghe says:

    මෛත්‍රීපාල කරද්දී කොහෙද හිටියේ

  3. kirihami says:

    මුන්ට ගහන්න ඕනේ යහපාලන ආණ්ඩුවේ න් යහමින් රට පාලනය කරනවා කියලා බලයට ඇවිත් රෝයල් පාර්ක් එකේ මිනීමරුවා නිදහස් කරන්න කොටා මේකා සද්දයක් නැහැ . දැන් තමා ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙන්නේ

  4. Saradiel says:

    ජනාදිපති තුමාට අපේ ප්‍රණාමය බුදු සරණයි.

  5. එතකොට දුමින්ද සිල්වාට නොකරපු වරදකට එල්ලුම්ගහ නියම උනේ කාගේ බලය අවභාවිත කරලද ගොනෝ. එතන ජනාධිපති කෙනෙක්නෙවේ හිටියේ. එතන හිටියේ තොපි වගේ බොරුවට දගලපු තුට්තුදෙකේ මන්ත්‍රී කෙනෙකුයි, උසස්වීම් බලාගෙන හිටපු නඩුකාරයෙකුයි ඒකාලේ තොපේ පාටියේ නායකයොයි නේද. ඒවා තලගොයි මස් මේවා කබරමස් නේද.
    අනෙක ගොනෝ වෙඩි වැදිලා පන ඇද ඇද ඉන්න එකෙක් කොහොමද තුවක්කුවක් අරන් තවත් එකෙක් මරන්නේ. අන්න ඒකටත් උත්තරයක් දීපන්කො.

  6. niru says:

    He should have been released on the day the telephone conversation between the judge and Ranjan was aired

  7. UNP GAL IBBA says:

    ඇයි අමතකද එදවස අරලියගහ මඳිරයේ රැස්වූ රාජසබා අදිකරණයේ නියෝගය අනුව නොවැ අදිකරනය ක්‍රියාත්මකවූයේ ගොන් ජා නොවැ තෝල්කයා තොපිට අමතකද සජියගේ ඩෝබීබලය​????

  8. නීතිය අවබාවිතා කරලා, පත්මිනි රනවක එක්ක නිදිවදින කාලේ…මුන්ට අමතකයි…ඔය අවබාවිතය.ඉදකින් ගල් මූසලයා. මේ ආන්ඩුව වැරදි නම් හරි එකෙක් අපි පත්කරගන්නම් ඉස්සරහට.හැබැයි ඒ UNP, SJB, JVP, Peratugami, හෝ පාටලී, බැසිල්, නාමල් එහෙම නොවේ ඕං.

  9. Jana says:

    Dear Madduma, have you ever heard about, ,”GONAWALA SUNIL”, or his story?
    Please study your parties history before committing your self.

Main News