දුමින්ද සමග එකතුවෙන්න බෑ කියා සල්ගාදු පිටියේ ජන ගග එක හඬින් දෙඅත් ඔසවා පැවසූ මොහොත මෙන්න..

November 13, 2017 at 6:48 pm | lanka C news
දුමින්ද සමග එකතුවෙන්න බෑ කියා සල්ගාදු පිටියේ ජන ගග එක හඬින් දෙඅත් ඔසවා පැවසූ මොහොත මෙන්න..

එළඹෙන පළාත් පාලන ජන්දය සඳහා ශ්‍රීලනිපය සමග එක්ව තරග වැදිය යුතු බවට විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට හිතවත් ජනතාවගේ අදහස කුමක්දැයි දැන ගත හැකි අපූරු අවස්ථාවක් අනුරාධපුර මහජන රැලියේදී උදා විය.

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා රැලිය අමතමින් සිටිය දී එක්වරම ඔහු ‘දුමින්ද සමග එකතු වෙන්න කැමතිදැයි’ රැස්ව සිටි ජනතාවගෙන් විචාළේය.

රැස්ව සිටි ලක්ෂයකට අධික ජනතාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ‘නැතෝ’ යනුවෙන් අනුරාධපුරය ගුගුරුවමින් දෙඅත් ඉහලට ඔසවමින් ප්‍රතිචාර දැක්වීය.

වෛද්‍ය ජයසුමන නැවත වතාවක් එම පැනයම යොමු කළ අතර ජනතාව පෙරටත් වඩා උස් හඩින් පෙර ප්‍රතිචාරයම දැක්වීය.

මන්ත්‍රීවරු ලෙස ජනතාවගෙන් ඍජුව එවැනි පැනයක් ඇසීමට නොහැකි වාතාවරණයක් යහපාලන රජය උදා කර තිබෙන නිසා රැළියේදී සැබෑ ජනමතය එලියට ගැනීමට එවැන්නක් විමසීම ගැන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු වෛද්‍ය ජයසුමන මහතාගේ කතාවෙන් පසු ඔහුට සුබ පතනු දක්නට හැකි විය.

වීඩියෝව මෙතනින්

34 views

4 Comments to “දුමින්ද සමග එකතුවෙන්න බෑ කියා සල්ගාදු පිටියේ ජන ගග එක හඬින් දෙඅත් ඔසවා පැවසූ මොහොත මෙන්න..”

  1. සල්ගාදු says:

    සුපිරියි! ඔහොම යමු ජයසුමන මහත්තයෝ

    • Dushantha says:

      දෑන් රනිල්ගෙ පෑත්තෙ ඉන්න මහා උගතා මේල් නර්ස් තුමා මේ වට උත්තර දෙයි.

      • nimal says:

        Obathuma oya wiwasthawa gaena awankawama katha kalata mahinda rajapaksha mahaththaya e gaena mokak wath kiyanne naeha, horagal ahulanawa ethumata one agamathikama witharai, mokada muslim chanda ethamata obathumata wada watinawa, ko kuragala gaena kathakaranawada, vilpaththuwa pawa dunne 18 sansodanayata thunen deka hada ganna bili pujawak widihata badurdeenta.

  2. කාගේද ගොන් වස්සා says:

    පිරිමි පිරීමි එකතූ වෙන්න කැමති නෑ… අපේ කැමැත්ත ඒකට නෑ නෑ.

Main News