දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

October 25, 2020 at 10:01 pm | lanka C news
දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විසින් ලිපියක් අත්සන් කර ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය අගහරුවාදා දිනයේ පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම ලිපියට අත්සන් ලබාගෙන ඇති බව එහි දැක්වෙයි.

මේ සඳහා දැනට මන්ත්‍රීවරුන් 70ක පමණ පිරිසක් අත්සන් තබා ඇති බව ද ඇතැම් වාර්තා වල සඳහන් වෙයි.

ඇතැම් වාර්තා සදහන් කරන්නේ එකී ලිපිය සදහා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද අත්සන් තබා ඇති බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කිරීමෙන් පසු එම තීන්දුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඊියෝගයට ලක් කලද එහිදීද එම තීන්දුව අනුමත විය.

ඒ හේතුවෙන් එකී දඬුවම ක්‍රියාත්මක වන තෙක් මේ වන විට දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

46,706 views

47 Comments to “දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..”

  1. 77 UNP says:

    පළමු වෙඩි ප්‍රහාරයෙන්ම සිහිසුන්වී බිම වැටුණ දුමින්ද සිල්වා භාරත ලක්‍ෂ්මන්ට වෙදිතිබ්බේ කොහොමද කියන ප්‍රශ්නෙට මුලින්ම උත්තර හොයන්න ඕන. ඒක උසාවියේ (සැකයකින්) තොරව ඔප්පු කරන්න සාක්කි දුන්න උනුයි, සාක්කි හොයාගත්ත උනුයි, ඒ සඳහා යටිතලයේ ක්‍රියාත්මක වුන උනුයි, විනිසුරුවෝයි ඔක්කොම් පිළිබඳව හොයන්න සහ වැරැද්දක් කරලා තියනවනම් වැරදි කරපු උන්ට දඬුවම් කරන්න බලය තියන කොමිසමක් පත්කරන්න ඕන. දුමින්දට අච්චුකරන්න, මරණ දඬුවම දෙන්න තරම් සැකෙන් තොරව පිළිගත්තු විනිසුරුවරු පිළිබඳවත් හොඳින් බලන්න ඕන. නිකම්ම් දුමින්ද සිල්වා නිදහස් කලොත් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරපුඋන් හිනහවෙනවා. දුමින්දට සාධාරණය ඉටුකරන්න ඕනනම් නිකම්ම නිදහස්කිරීම වැරදියි. දුමින්දට එරෙහිව කරපු ඒ කුමන්ත්‍රණය එළිකළ යුතුයි.

    • Alapaluwa says:

      රටවැසියනි අපි මෙයට එසේ නොකියමු ඇයි ඒ? අපි කවුරුත් නොදන්නා රාහසකි දෙපාර්ශයේම අදාළ පුදගලයින් දෙදේනා නමගිය ප්‍රසිද්ද K වෙළදාමේ අංක එකේ දෙදෙනෙක්බව. නමුත් එදා ඒ වුණේ මේ තරඟකාරී වියාපාරයේ අභියන්තරයේ ඇති  මත මතාන්තර එහේතුකොටගෙන දෙපාර්ශයෙම් දළුලමින් තිබුණු ව්යිරයේ උච්චවූ  අවස්තාවක දෙගොල්ලන්ම  හමුවූ වැරදි මොහොතක, වැරදි තැනක ඇතිවූ බැවින්ය.නමුත් දෙපර්ශයෙන්ම කිසිවක් ඔවුන් විසින් කරගෙන යනු ලබන සමාජ දුෂණ ඒ භයකාර මත් කුඩු ජාවාරමේ වරදට  නීතියෙන් වැරදි කරුවන් කරනැත.නමුත් එකිනෙකා පරදින්න බැරිවුවිට ගත්  ක්‍රියාවෙන් ප්‍රථමයෙන් භාරත පාර්ශයෙන් තැබූ වෙඩි පාහරින්  දුමින්ද වෙඩිවැදී වැටුණත් දුමින්දගේ  ආරක්ෂකයින් තැබූ වෙඩි පහරින් භාරත අවාසනාවන්ත විදියට ගොදුරුවුවා. නමුත් මෙහිදී අපි බැලිය යුතුයි ප්‍රථමයෙන් මොන පාර්ශයද මේ අමන ක්‍රියාව ක්‍රියාවට නැගුවේ කියා, මා සිතනවා එය නීතියෙන් එය  සාදක සමග ඔප්පුවුවත් එවකට ඇති  ජඩපාලනයේ නැවු නිතිය මගින් දුමින්දට නැවත කිසිදාකවත් ඈපිල් කිරීමට බැරිවනසේ නීතියෙන් ඔවුට මරණිය දණ්ඩනය නියම කරණ ලදී. නමුත් ප්‍රථමයෙන් වෙඩි තැබූ අයත් දුමින්ගේ අරක්ෂයා විසින් තැබූ වෙඩි පහරින් භාරත මියගියත් එදා ඔවුව නීතියෙන් නිදොස්කොට නිදහස් කරණ ලදි. නමුත් මෙය නොවේ නීතියට ගරුකරන judgeලා විසින් තීරණය කළයුත්තේ අන්න එතනයි වැරැද්ද!!!!!එමනිසා  මෙයට නියම විසදුම ඇත්තේ කොතනද???සදර්නයක් ඉෂ්ටවේද?? ඉතින් එවැන්නක් නැවත වේවිද කියා අපි බලා සිටිමු!!! 

      • කාන්තාර පළඟැටියා says:

        උඹ හොද උසාවියට බං. කාන්තාරෙට වෙලා ඉන්නෙ නැතිව මෙහෙ ඇවිත් නඩු අහපංකො. අපූරු තීන්දු තියෙයි. ගොං වහලා.

        • Alapaluwa says:

          ඔබ තවම ජිවතුන් අතර සිටීද ? මහා පුදුමයකි මොකද මේ ගෙවෙන්නේ අද්ර්මිෂ්ටයින්ට කළකම් පලදීමේ කාලය බැවින්.පරිස්සම් වන්න සහෝදරයා නිතරම සත්‍ය අවබෝදකරගෙන ජිවත්වන්න උත්සහා කරන්න එයයි ලෝක සොබවයේ හැටි.

  2. සයිමා says:

    මේ අයගේම කෙනෙක්නෙ. නඩුත් බඩුත්. ජනාධිපති සමාව හරි වාගේ. පව් 69 ට. මෙහෙමත් පාවා දීමක්.

Main News