දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

October 25, 2020 at 10:01 pm | lanka C news
දුමින්ද සිල්වාට ජනපති සමාව ඉල්ලා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ලිපියක් අත්සන් කරයි..

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විසින් ලිපියක් අත්සන් කර ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය අගහරුවාදා දිනයේ පැවැත්වුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම ලිපියට අත්සන් ලබාගෙන ඇති බව එහි දැක්වෙයි.

මේ සඳහා දැනට මන්ත්‍රීවරුන් 70ක පමණ පිරිසක් අත්සන් තබා ඇති බව ද ඇතැම් වාර්තා වල සඳහන් වෙයි.

ඇතැම් වාර්තා සදහන් කරන්නේ එකී ලිපිය සදහා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද අත්සන් තබා ඇති බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කිරීමෙන් පසු එම තීන්දුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඊියෝගයට ලක් කලද එහිදීද එම තීන්දුව අනුමත විය.

ඒ හේතුවෙන් එකී දඬුවම ක්‍රියාත්මක වන තෙක් මේ වන විට දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

47,041 views