දුමින්ද සිල්වා ඇතුළු අසාධාරණයට ලක් වූ පිරිසට සාධාරණය කරනවා..

January 15, 2020 at 6:48 pm | lanka C news
දුමින්ද සිල්වා ඇතුළු අසාධාරණයට ලක් වූ පිරිසට සාධාරණය කරනවා..

මෙරට නීතිය රකින ආයතන පසුගිය ආණ්ඩුව හෑල්ලුවට ලක්කළ බවත් ඒ බව රන්ජන්ගේ හඞපට වලින් මැනවින් පැහැදිලි වන බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

මේ බව පැවසූයේ පසුගියදා (14) පැවති අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු සපයමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුවෙන් සිදුවූ වැරදි නිවැරදි කොට ජනතාවට සාධාරණයක් ඉටුකෙරෙන යුගයක් නිර්මාණය කිරීම සඳහා ඒ අනුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයට විශාල වගකීමක් පවතින බවයි.

“රංජන්ගේ හඞපට විතරයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ තව ගණනාවක් ඇමතිවරු හිටියා. ඔවුන්ගේ හඞපට තවම ඇවිල්ලා නැහැ. සමහර විට රංජන් වගේ ඔවුන් රෙකෝඩ් කරලා තියාගන්නේ නැතිව ඇති. එතකොට මේක රංජන් රාමනායකගේ විතරක් ඇ‍ගේ දාලා බේරෙන්න බැහැ පහුගිය යහපාලන ආණ්ඩුවට. ඒකෙ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍ධාන ඇමතිවරු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. ඔවුන් කළේ දේශපාලන දඩයමක්. එතකොට රංජන් රාමනායකගේ හඞපට වල තියෙන කුණුහරප ගැන කතාකරලා වැඩක් නැහැ. ඒකෙන් පේන්නේ ඔහුට මානසික රෝගයක් තියෙනවා කියන එකයි. හැබැයි මේකෙ භයානකකම තමයි ඔහු අධිකරණයට කෙළින්ම නඩුකාරවරුන්ට, නඩුකාරවරියන්ට කතා කරලා තියෙනවා. ඒවගේම CID එකේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිසියේ නිලධාරීන් ගණනාවකට, අල්ලස් කොමිසමට. මේව තව ගොඩක් තියෙනවා කියලයි අපිට ආරංචි. ඒකෙන් පේන්නේ සම්පූර්ණ අධිකරණ ක්ෂේත්‍ර‍යම පිළිබඳ තිබිච්ච විශ්වාසය විනාශ කරල තියෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොකද්ද පැමිණිලි කළේ ඒ කාලේ. එතුමට චෝදනා කළේ ශිරානි බණ්ඩාරනායක මැතිනියව අයින් කළා කියලා. ඒක කළේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුව. එක ඇලපිල්ලක්, පාපිල්ලක් ඒකෙ වෙනස් කරලා නැහැ. සම්පූර්ණම ව්‍යවස්ථාවට එකඟව තමයි කරලා තියෙන්නේ.

හැබැයි මේගොල්ලො ඇවිල්ලා කිව්වේ ස්වාධීන අධිකරණ ගේනවා කියලා. ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ නඩුකාරවරුන්ට සහ නඩුකාරවරියන්ට කතා කරලා විවිධ තීන්දු තීරණ ගැනීමේ දී ඒ නඩුවලට ඍජුව හා වක්‍ර‍ව කටයුතු කරන එකයි මේකෙන් පේන්නෙ.

දැන් දුමින්ද සිල්වා මහත්තයා ගත්තම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මොහුව එල්ලුම් ගහට නියම කෙරුවා. ඊළඟට මහ ඇමතිතුමා ඔහු අදටත් රිමාන්ඩ් භාරයේ. ඊළඟට රණවිරුවෝ, මහා සංඝරත්නය, දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් මේ ආදී විවිධ පුද්ගලයන්ව ඔවුන් දඩයම් කෙරුවා. ඒකෙන් පැහැදිලිව පේනවා ඔවුන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය අපි නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රජය හරහා සාධාරණත්වය ඉටු විය යුතුයි කියලා ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ පළුදු වී තිබෙන ඒ අවිශ්වාසය නැවත වරක් විශ්වාසයක් ඇති තැනක් බවට පරිවර්තනය කරන්න ඕන.

යහපාලන ආණ්ඩුව කරලා තියෙන විනාශය එසේ මෙසේ නෙවෙයි. රංජන් රාමනායකගේ වීඩියෝවක් ගියා කියලා හිනාවෙන එක නෙවෙයි ඔහු මහ විශාල විනාශයක්. අධිකරණ පද්ධතියේ වේවා, සීඅයිඩී එකේ වේවා ලොකු ගෞරවයක් තිබුණා සීඅයිඩී එකට මොනවා හරි දෙයක් දුන්නොත් හොයන්න කියලා. නමුත් ඒකෙ ඉන්න නිලධාරීන් පහුගිය කාලය තුළ කටයුතු කරලා තියෙන ආකාරය හා ස්වාධීන කොමිෂන් කටයුතු කරලා තියෙන ආකාරය දිහා බැලුවම ඉතාමත් කණාගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු රජයට විශාල වගකීමක් තියෙනවා මේක නිවැරදි කරලා විශ්වාසය ඇති කරලා රටේ ජනතාවට සාධාරණයක් ඉටුවන යුගයක් නිර්මාණය කිරීමට” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– midea unit

236 views

25 Comments to “දුමින්ද සිල්වා ඇතුළු අසාධාරණයට ලක් වූ පිරිසට සාධාරණය කරනවා..”

  1. Vis8 says:

    He was sent to the gallows for giving his gun to his bodyguard. He did not give orders to shoot. Compare this with Arjuna R, who is clearly heard in the video giving orders to shoot. Arjuna is free and Duminda has been sentenced to death.

  2. sithmal says:

    මෙයාල හිතන් ඉන්නෙ මෙයාල නිසා මිනිස්සු ගෝඨාට ජන්දෙ දුන්න කියල. මහින්දගෙ, මෙයාලගෙ යල් පැනපු දේසපාලනේ මිනිස්සුන්ට එපාවෙලා ගොඩක් කල්.. දුමින්දට ආතල් දෙන්න ගිහිල්ල මෙයාලගෙ ආතල් කුඩු කරගන්න මෙයාල හදන්නෙ. ඇයි දුමින්ද විතරක්.. දෙමටගොඩ චම්න්දත් නිදහස් කරන්න ඕන!

    • Pal says:

      All UNJVP guys like Sithmal , Lakhman have started commenting like Pohottuwa supporters but they are all UNJVP fools.

      This has become a new style of JuNp and UNJVP fellows.

      We , Pohottuwa supporters can’t be fooled by you men

  3. දුලීකා says:

    වෙලේ සුදාටත් නිදහස දෙමු ..