දුමින්ද සිල්වා ඇතුළු පිරිස හිරෙන් පැනයන්න සැලසුම් කරලා..?
January 17, 2017 at 11:20 am | lanka C news
මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් බන්ධනාගාරයෙන් පැන යන්නට සැලසුම් කලේ යයි විද්‍යුත් මාධ්‍යයන්හි පල වූ පුවතක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවට රහස් පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
ඒ අනුව බන්ධානාගාර අධිකාරීවරයාගෙන් හා දුමින්ද සිල්වා ඇතුළු පිරිස අදවා සිටින මැදිරි බාර ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද අධිකරණය නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පල කර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පියා පවසන්නේ මෙම පුවත සම්පූර්ණ අසත්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ඇමතිවරයෙකුට අයත් පුවත්පතකින් මෙම අසත්‍ය පුවත නිර්මාණය කර ඇති බවත්ය.