දුමින්ද සිල්වා උසාවියේදී වරද පිලිගනී.. අසාධ්‍ය තත්වයෙන් ගිලන් රථයෙන් අධිකරණයට..
April 6, 2017 at 12:00 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඇතුළු පිරිස ඝාතන චෝදනාවට වැරදිකරු වී මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දිනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තවත් නඩුවකට වරද පිලිගෙන තිබේ.
ඔහු මේ වරද පිලිගෙන ඇත්තේ 2011, 2012, 2013 වසරවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි කාලයේදී වත්කම් බැරකම් හෙලි නොකිරීමේ චෝදනාවටයි.
නඩුව ගොනු කරනු ලැබ තිබුනේ අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසිනි.
වරද පිලිගත් හිටපු මන්ත්‍රීවරයාට අධිකරණය විසින් රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කරන ලදී. අසනීප තත්වය හේතුවෙන් ඔහු අද අධිකරණයට පැමින සිටියේ ගිලන් රථයකිනි.