දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති මහින්ද හමුවේ..

July 12, 2021 at 10:22 pm | lanka C news
දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති මහින්ද හමුවේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ හමුවී තිබේ.

අරලියගහ මන්දිරයේ දී තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දුමින්ද සිල්වා මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටියදී ජනාධිපති විශේෂ සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස ලැබීය.

ඉන් අනතුරුව ඔහු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත්තේ අද දිනයේදීය.

80,947 views

20 Comments to “දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති මහින්ද හමුවේ..”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    අනේ වාසනාවන් දැන් කුඩු මාකට් එකේ ඇතිවෙන්ට බඩු තියෙයි. වෙලේ සුදා පොට්ට නව්ෆර් යහතින් ජීවත් වෙනවා නඩුත් නෑ තීන්දුත් නෑ. මධූෂ විතරක් මරල දාපු එකේ මොකක් හරි රහසක් තියෙනවා කියලා කාටත් හිතෙන්නේ නැද්ද? කාලෙකට ඉස්සෙල්ලා දකුණේ හිටිය වම්බොට්ටා කියලා පාතාල නායකයෙක් එයාට උනෙත් ඔය ඉරනමයි මේවා පිටිපස්ස ඉන්න mahava marfia කාරයා කවුද කියලා කවුරුත් තේරුම් ගත යුතුයි.

    • ජහපාලනෙට තාම කහින මෝඩ ටොයියා says:

      යහපාලන කාලේ වෙලේ සුදාගේ කුඩු බිස්නස් ගැන වත් දුමින්දගේ තිබ්බයි කිව්ව ඒවා ගැනවත් හෙව්වෙ නෑ. මේ මනුස්සය හිරේ ඉන්න කාලේ අපුරුවට හොයන්න තිබ්බ.මේ බිස්නස් පිටිපස්සෙ ඉන්නෙ යහපාලන ලොක්කො කියන එක කවුරුත් තේරුම් ගත යුතුයි.

  2. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හිර ගෙදර හරියට දුක් විඳල වගේ ඇඟ දැක්කම පපුව හෝස් ගාල යනව.

  3. TANANA says:

    OLUWA MANGGAN

  4. ගිජුලිහිණි සංදේශය says:

    ඉබ්බා දියේ දැමමත් හිමිහිට නරියා
    ගෙම්බා උඩ දමා පොලවේ අත ඇරියා
    උම්බෑ කිය කියා තප්පුලනවා ගෙරියා
    කම්බා හොරුන් අද රජවී ඇති සිරියා

  5. janatha says:

    කෝ මාස්ක්… ඉහල අනුහසින් මුන් පරන බිස්නස් දැන් පටන් ගනියි.. කැලේ මාරු උනාට පුල්ලි?

Main News