දුමින්ද සිල්වා රෝහල් ගත වේ.. අත්අඩංගුවට ගන්න රෝහලට…

June 1, 2022 at 2:10 pm | lanka C news
දුමින්ද සිල්වා රෝහල් ගත වේ.. අත්අඩංගුවට ගන්න රෝහලට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් ඇතුලත් කර ඇති බවට වාර්තාවෙයි.

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත ඔහු මෙසේ රෝහල් ගත වී ඇත.

අධිකරණ නියෝගය මත ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට රහස් පොලිස් නිලධාරීන් එහි ගොස් සිටී.

භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියමවී සිරගතව සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ ඔහුට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.

ඒ අනුව වහාම ඔහු අත්අඩංගුවට ගෙන නැවත සිරගත කරන ලෙසද අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති ජනාධිපති සමාව දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් මෙම ජනාධිපති සමාව අත්හිටුවීමට කටයුතු කර ඇත.

90,531 views

27 Comments to “දුමින්ද සිල්වා රෝහල් ගත වේ.. අත්අඩංගුවට ගන්න රෝහලට…”

  1. Sasrasi says:

    ඒ එක්කම රංජා නිදහස් කරලා තිබුනා නම් ඔහොම වෙන්නේ නෑ

  2. Hitapu Sabapathiya says:

    New chairman for Housing Development Authority should be appointed immediately.