දුමින්ද සිල්වා හිරෙන් නිදහස් වී ඇවිත් රටෙන්ම අහන ප්‍රශ්නය..

January 8, 2020 at 6:31 am | lanka C news
දුමින්ද සිල්වා හිරෙන් නිදහස් වී ඇවිත් රටෙන්ම අහන ප්‍රශ්නය..

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

19 වන සංශෝධනය ගෙනැවිත් අධිකරණය ස්වාධීන කළ බවට පුරාජේරු කියූ එජාප නායකයින්ගේ රෙදි ගැලවෙන රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ දුරකතන සංවාද තොගයක් මාධ්‍ය වලට ලැබී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ යට සිටින නඩුකාරවරියන් දේශපාලකයින් සතුටු වන තීන්දු ලබා දී “අනේ අනිත් අයට උඩින් මට උසස්වීමක් දෙන්නකෝ” කියලා බැගෑපත් වන ආකාරය මේ සංවාද තුල තිබෙනවා.

ඒ වගේම දුමින්ද සිල්වාගේ නඩුවේ තීන්දුව දෙන්න කලින් ශානි අබේසේකර දන්නේ කොහොමද? පද්මිණි විනිසුරුවරිය සහ තවත් විනිසුරුවරයෙකු දුමින්දට දඬුවම් දෙන බවත් ශිරාන් රණසිංහ විනිසුරුවරයා දුමින්දව නිදහස් කරන බවත් ශානි විසින් රන්ජන්ට කියනවා. එතකොට මම ශිරාන්ට කතා කරන්න දැයි රන්ජන් අහනවා. කතා කිරීමට අනවශ්‍ය බවත් එවැනි තීන්දුවක් හොඳ බවත් ශානි පවසනවා. එහෙම නම් දුමින්ද සිල්වාට ලබා දුන් තීන්දුව අධිකරණයේ තීන්දුවක් නොව දේශපාලකයින් සහ විමර්ශන නිලධාරින් එක්ව සැකසූ තීන්දුවක් බව දැන් පැහැදිලියි.

දුමින්ද සිල්වා දැන් වසර හතරක් සිර ගෙදර දුක් විඳිනවා. ඔහුව දැන් නිදහස් කළත් ඔහුගේ ජීවිතයේ අහිමි වුණු වසර හතර යළි ලබා දෙන්න පුළුවන් ද? ප්‍රංශයේ මොන්තෙ ක්‍රිස්තො සිටුවරයා නොකළ වරදකට වසර විස්සකට සිර දඬුවම් විඳිනවා. ඔහුගේ පෙම්වතිය අයිති කර ගන්න තමයි පාලකයා ඔහුව වරදක පටලවන්නේ. ඔහු සිර දඬුවමින් පසු හිටියාටත් වඩා පොහොසත් වෙනවා. පැරණි පෙම්වතිය යළි විවාහ කර ගන්නවා. නමුත් ඔහු පාලකයාට කියන්නේ “ඔබට සෑම දේම මට දෙන්න පුළුවන්. නමුත් මගේ ජීවිතයේ නැති වුණු අවුරුදු විස්ස දෙන්න පුළුවන් ද” කියලා. දුමින්ද සිල්වාත් හිරෙන් නිදහස් වී ඇවිත් ඒ ප්‍රශ්නයම සමාජයෙන් අහන්න පුළුවන්.

විනිසුරුවරයෙකු සමග කවුරු හරි නඩුවක් ගැන කතා කරන්න එනවා නම් ඒ සාකච්ඡාව විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ යුතුයි. ගෙදර බිරිද දරුවන් සමගවත් නඩුවක් පිළිබදව කතාකරන්නට ඔවුන්ට අයිතියක් නෑ. ප්‍රතික්ෂේප කරන විටත් බලපෑම් කරනවා නම් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළ යුතුයි. විනිසුරුවරුන් තීන්දු දෙන්නේ දේශපාලකයින් සහ විමර්ශන නිලධාරින් සමග සාකච්ඡා කරලා නම් කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන් කියා අපට අසන්න සිද්ධ වෙනවා. පද්මිණි රණවක වැනි දූෂිත විනිසුරුවරියන් ඉන්නේ ඉතාම අතලොස්සයි. නමුත් ඒ අතලොස්ස විසින් අධිකරණයේ ගෞරවය බරපතල ලෙස විනාශ කර තිබෙනවා.

මේක ලංකා ඉතිහාසයේ අධිකරණයට එල්ල වුණු ලොකුම කළු පැල්ලම ලෙස මම දකිනවා. අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය යළි ඇති වීමට නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර පසුගිය වසර පහ තුල අධිකරණයට සහ අපරාධ විමර්ශනයට සිදු වී ඇති දේශපාලන බලපෑම් හෙලි කර ගත යුතුයි. දේශපාලන බලපෑම් කළ පුද්ගලයින්ට මෙන්ම ඒවාට සිය කැමැත්තෙන් යටත් වුණු පුද්ගලයින්ට ද දඬුවම් කළ යුතුයි.

ජනතාවට සාධාරණයක් ඉටු වීමට නම් පසුගිය වසර පහේ දී ශානි විමර්ශනය සිදු කළ නඩු වගේම පද්මිණි තීන්දු දුන් නඩු යළි විභාග කළ යුතු බවට අපි අගවිනිසුරුතුමාට යෝජනා කරනවා. එහෙම නොකලොත් බොරු වැරදි වලට සිර දඬුවම් විඳින සමාජයෙන් අපහාස විඳින දේශපාලන දඩයමේ ගොදුරු වලට සිදු වන්නේ බලවත් අසාධාරණයක්. මතක තියා ගන්න. ලක්ෂ සංඛ්‍යාත දුරකතන සංවාද වලින් තවම එළියට ආවේ විස්සකටත් අඩු ප්‍රමාණයක්. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමයට කිව්වාලු.

– අරවින්ද අතුකෝරල

69,748 Viewers

26 Comments to “දුමින්ද සිල්වා හිරෙන් නිදහස් වී ඇවිත් රටෙන්ම අහන ප්‍රශ්නය..”

  1. David says:

    All set to get Kudu Raja out of the jail.

    • දසුන් says:

      දුමින්දට කුඩු සම්බන්ධයෙන් තියෙන නඩුව පෙන්නපං බලන්න. සතොස කන්ටේනර් වල කුඩු ආවෙ දුමින්දගෙ ද

      • පොදු ජන කුඩු සංගමය says:

        අහිංසක දුමින්ද වහා නිදහස් කරනු! කුඩු මිළ අඩු කරනු!

    • Siri says:

      Jail him by proving a kudu case. That is the right way

    • RW says:

      පව් අහිංසක දුමින්ද හිරේ දාලා.

    • Wijebahu says:

      All set for criminal drug kingpin to release from jail. This guys is a convicted murderer who killed 4 people in front of hundreds of people. He was a serial rapist never convicted due to the political influence he had with current rulers. Shani and Ranjan should be a national heroes for sacrificing his job and may even go to jail for working tirelessly to put this animal behind bars.

    • Hudson says:

      And paw. Crooks sympathy for a criminal.

      • Chinthana says:

        Was Duminda realy guilty on bharatha lakshman case..? or He has been accused by the political judge ..? We have a doubt about the decision given by the lawyer who actually depend on the Joke Actor later he became state minister and also he thought he was promoted to CID minister that is Ranjan ramanayaka. God Knows isn’t it.? God only knows isn’t It..? But the facts that telephone conversation between Political Judge and Joke Actor ranjan is true…… Murder is a Murder There should not be any chance to leave… But our doubt is based on the Actual & True scenario…… Actually law should be enforced against the Joke minister & Former Prime minister to planning Murder. Please Listen to the Telephone communication.

  2. වසන්ත says:

    දුමින්දට යම් චොදනාවක් තිබෙනම් සිරදඩුවම් දිම එකක්. නමුත් මෙවැනි කුමන්ත්‍රණ මගින් සිරකිරීම බරපතල වරදක්. මෙයට එරෙහිව නැගී සිටිය යුතූ යැයි. මොකද මෙ දඩයම් යම් දිනක අපටද එල්ලවිය හැකියි.

  3. එක්නැලිගොඩ says:

    ඉතාම හොද පැහැදිලි කිරීමක්

  4. මහජනයා says:

    දුමින්ද ගෙ එක කූඩු කෙසේ එකක් හොයාගන්න ටොයියන්ගෙ ජෙම්ස් බොන්ඩ් ෂානිට බැරි වෙන්නෙ ඇයි. නිදහස් විය යූතූ කාරනයකට හිරෙ යවන්නේ ඇයි.

  5. කමල් says:

    රන්ජට දුමින්දල නාමල්ල එක්ක තියෙන්නේ ලිංගික ඉර්ෂාවක්. මොකද දැන් ඌ වයසයි. අරුන් තරුණ කඩවසම් දෙශපාලකයන්.

  6. lanka says:

    hire sitina ranawiruwa siyalu dena nidahas kalauthuya.e ayata teruwan saranayi. gotabaya janapatytumani ranawiriwan ta nadahas karanna .

  7. lanka says:

    hire sitina siyaluma ranawiruwn nidahas kalauthuya.e ayata teruwan saranayi. gotabaya janapatytumani ranawiriwan ta nadahas karanna .thawada ellumgahata niyama una ranawiruwada nidahas karanna. oba tumata pin

  8. lanka says:

    siyaluma ranawiruwn nidahas kalauthuya.ema ayata teruwan saranayi. gotabaya janapatytumani ranawiriwan nadahas karanna .thawada ellumgahata niyama una ranawiruwada nidahas karanna. oba tumata pin

  9. David Milli-banda says:

    It is not about Duminda being jailed. Its about the manner of the proceedure & Justice as to how he was jailed.

  10. Sam says:

    කුඩු දුමින්ද නිදහස් කරොත් ගෝථා සර්ට ලොකු අප්‍රසාදයක් ඇති වෙනවා ලංකාවේම. ඒ තත්වෙට එතුමන්ව පත් නොකරන්න හැම දෙනාම කටයුතු කල යුතුයි..

    • Sam ගොන්ජා තොගේ අැරියේ නැද්ද

      • Sam says:

        මන් කොල්ලෝ සීන් නෑ ,ubala වගේ අදබාල කුනහරුප කියන නුගත් එව්න් නිසා තමයි ගෝථා සර් විනාශ වෙන්නේ

        • Nishadi says:

          ඔව් බන් මුන් වගේ සට්ටැඹියෝ ඉන්නකම් ඕක ඔහොමයි .මේ වෙබ් එක අයිති සට්ටැඹියා කව්ද කියල දන්නවා නේද 😂😂😂

  11. lanka says:

    May be there is a injustice but that’s doesn’t mean government should speak behalf of him. May be he didn’t kill him but he created the situation. Most of all we all know he is a drug dealer. Therefore, he should be behind bars. After all he is not saint at all. Law & order should be same for everyone. If he get realise Gotabaya will has to face many problem. Hope government wont make any more statements regarding about Duminda.

  12. HENA says:

    දුමින්දට කුඩු සම්බන්ධයෙන් තියෙන නඩුව පෙන්නපං බලන්න. සතොස කන්ටේනර් වල කුඩු ආවෙ දුමින්දගෙ ද

    අහිංසක දුමින්ද වහා නිදහස් කරනු! කුඩු මිළ අඩු කරනු!

  13. Hema says:

    තාක්ශනය දැන් හරි දියුණුයි. මේ කතා කරන්නෙ ර්න්ජන් නෙමෙයි කියල සමහර වොයිස් ඇහුවම ඕනෙ කෙනෙකුට තේරෙනව ඒවගේම සමරෙ වගේ ඕනෙම කෙනෙක් ගෙ කටහඬ අනුකරනය කරන්න පුලුවන් අය ඉන්නව නාමල් කියන්නෙ හඬපට ඔස්තාර් දැන් හැංගිලා හිටියට කවුරු බලේට ගේන්නද වැඩ කලේ කියල කවුරුත් දන්නව.ටෙලිෆෝන් නම්බරුත් එක්කම තියේනම් සැකයක් ඇතිවෙනව තමයි නමුත් සීඩී හාර්ඩ්ඩිස්ක්වගේ ඒවයෙ ඕනෙ එකෙක්ට රෙකෝර්ඩිං හදල තියන්ඩ පුලුවන්.එහෙව් එකේ මෙතන තනිකරම මිනිසුන්ගෙ මොල හෝදල කුඩු දුමිය එලියට ගන්න පුලුවන් එකම ක්‍රමය ක්‍රියාත්මක කරනව

    • Chinthana says:

      Even Hirunika did not said any thing like you imagine. Hirinika accept and she Condemned That Joke Actor Ranjan. You May be thinking only one way of the incident. Its Not a matter of Technology and the capability of people. The harvest would be the same as you cultivated.. That the nature….

  14. Pramod says:

    Duminda, we can not portrait him as a genius and inconnect just because of Padmini Ranawake given her verdict against Duminda Silva, matter here is that in any criminal case, the offence against accused is required to be proved beyond reasonable doubt by the complaint, the benefit of reasonable doubt will always be given to accused.
    Hence, it is worthwhile this case given a common sense and re-consider Duminda Silva’s case against another panel of Judges.

Main News