දුඹුරු තණතිල්ලේත් බැ.. ලංකාව අදත් පරාදයි.. ලෝක කුසලානයේ මුල් වටයෙන්ම විසිවීමේ අවදානම ඉහලට..

June 15, 2019 at 10:41 pm | lanka C news
දුඹුරු තණතිල්ලේත් බැ.. ලංකාව අදත් පරාදයි.. ලෝක කුසලානයේ මුල් වටයෙන්ම විසිවීමේ අවදානම ඉහලට..

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරඟාවලියේ අද සහභාගී වූ තරගයෙන් පරාජයට පත් විය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වූයේ ලකුණු 87 කිනි.

තරගේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 334ක් නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත්තේය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනාම පන්දු වාර 45.5කදී දැවී ගොස් ලබා ගන්නා ලද්දේ ලකුණු 247ක් පමණි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව කරළියට පැමිණීමට නම් ඉදිරි තරග 4 තුනක්වත් ජය ගැනීමේ අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව තරග 05කට සහභාගී වී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග දෙකක් පරාජය පත් වූ අතර තරග දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමනු ලැබීය.

ශ‍්‍රී ලංකා පිලේ කලමනාණාකරු මීට පෙර කියා සිටියේ කොළ පැහැ තණතිරු ලබා දීම නිසා දැඩි අසාධාරණයක් වූ බවයි.

නමුත් අද තරගයට යොදා ගත්තේ දුඹුරු පැහැ තණතීරුවකි.

6 views

12 Comments to “දුඹුරු තණතිල්ලේත් බැ.. ලංකාව අදත් පරාදයි.. ලෝක කුසලානයේ මුල් වටයෙන්ම විසිවීමේ අවදානම ඉහලට..”

  1. sunimal says:

    ජය පතමු

    • Janaka says:

      මේ පරාජයන්ට සම්පුර්නයෙන්ම වග කියන්ඩ ඔනැ ක්‍රීඩා ඇමතියා. ඔය කන්ඩායම තෝරන්ඩ සම්පුර්නයෙන්ම බලපෑම් කලේ ඇමතිය.

      • විස්කි මැඩම් says:

        මේ ටීම් එක කොහොමත් පැරදෙනවා. ආයේ 100%ක් ෂුවර්.

        දැන් ඉතින් උන්නත් එකයි මලත් එකයි කියලා අලුත් උන් ටිකක් බස්සලා වෙන දෙයක් වෙන්න අරින එකයි තමයි හොදම සහ එකම විකල්පය.

      • Amal says:

        හරින් ප්‍රනාන්දුට ඕනැඋනේ උගේ වරිගේ ක්‍රීඩකයන් වැඩි ප්‍රමානයක් ඇතුලත් කරන්ඩ. ඔහු මුලින් කැප්ටන්ට යෝජනා කලේ තිසර පෙරේර.

      • Kamal says:

        ගොඩක් ක්‍රීඩකයෝ අරගෙන ගියේ ලැබෙන මුදලින් 100ට10 කොමිස් මුදලක් දීමේ පොරොන්දුවට. ඔන්න අද ක්‍රීඩවේ තත්වය. අර්ජුන කියල තිබුන මේ යන කන්ඩායමට අඩුම වසයෙන් ඕවර 50වත් සෙල්ලම් කරන්ඩ බෑකියල.

    • sathya says:

      මේ දීන රජය තියනතාක් කල් කවදාවත් අපට සතුටට කරුනක් ඇතිනොවේ

  2. ෂා සුපර්.ර්.ර්.ර් බලන්න කෝ අපේ ලමයි සෙල්ලම් කොරන ලස්සන සුප්‍ර්‍ර් මැතිව් සුපර් කූ මෙන්ඩා ඇතුලු මැද පෙල පීචිකරුවෝ තිසර තරුමාන්න නියමයි තවත් කිචනොවී ටීම් එක විඩ්‍රෝ කොරගනිල්ලා අපිට පව් නොදී???

  3. Upside down says:

    Lassanata sellam kalaa ape kollo well done.247 is not a bad score.

  4. Kim says:

    දැන්වත් තේරුම් ගනියව් තිරිමාන්න, තිසර පෙරේරා හා සිරිවර්දන වැනි ක්‍රීඩයන් එක්ක තරග දිනන්න බැරි බව. මැතිව්ස් මෙන්ඩිස් ලකුනු අතරට එන්න බැරිනම් මේ අවසාන තරගාවලිය විය යුතුය.

  5. UD says:

    වැස්සෙන්වත් පිහිටක් නැද්ද?

  6. Karu says:

    දිල්රුවන් පෙරේරා යි මලින්ද සිරිවර්ධන යි අතරින් වඩා හොඳ ක්‍රීඩකයා තෝරගන්න වත් තේරුම් කමිටුවට නොහැකි නම් තවත් මොනවා බලාපොරොත්තු වෙන්න ද?

  7. Ranga says:

    Where’s Upul tharanga ? Better than many of current middle order batsmen. Not even in the additional squad. May have not done well in the very recently. But very important experienced player in a tournament like this. He is a potential match winner.

Main News