තීන්දුයි.. දුරකතනයෙන් තරග වදින බව සජිත් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වයි..

March 9, 2020 at 1:20 pm | lanka C news
තීන්දුයි.. දුරකතනයෙන් තරග වදින බව සජිත් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම දැනුම්දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.

රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

මේ අතර ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙයි.

243 views

12 Comments to “තීන්දුයි.. දුරකතනයෙන් තරග වදින බව සජිත් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වයි..”

  1. Porak says:

    රනිල් අකිල වගේ උන් එක්ක ඉන්නවට වඩා පරාද උනත් ගත්ත තීරණය හරියට හරි ……ශක්තිමත් විපක්ශයක් හදන්න වාසනාව ශක්තිය ලැබේවා …..ජයවේවා ……

    • සදා unp says:

      බෙදුම්වාදී දෙමල පක්ෂ සහ අන්තවාදී හම්බයන් සමග සන්ධානගත වුනු පක්ෂ වලට සිංහල ජන්ද නොමැත.

  2. Chath says:

    සජිත්ට තරග කිරීමට ඇත්තේ රනිල් සමග පමනි. පොහොට්ටුවට ලංවීමට හිතන්නේනම් ඊට වඩා තවත් මෝඩකමක් නැත

    • Lapaya says:

      කොහොම ආවත් තව අවුරුදු 20 යනතෙක් යුඑන්පි එකට බලයට එන්න ලෙබෙන්න නොමැත.

  3. Saradiel says:

    තවත් ගොන්ජා කෙනෙක් ප්‍රවේසමෙන්

  4. analyst says:

    asana 20wath ganida danne na

    • සදා unp says:

      ආසන කෙසේ වෙතත් ඇප බේරුනොත් ඇති

  5. Lapaya says:

    පොහොට්ටුවට ජයවේවා. ජයග්‍රහණය නියතය.

  6. Aurora says:

    මොනවා වුනත් රනිල්ගේ UNP එක පරාද නොකලොත් පෑඩ් මෑන් කපෝතියි. ඒත් එක්කම නාමයෝජනා දෙනකම් ගෝලයෝ සෙට් එක රඳවා තියාගන්න එකත් ප්‍රශ්ණයක්. ඒ නිසා අමුඩේ තදකරගෙන උත්සාහයක් දරණ එක තමයි අවසන් බලාපොරොත්තුව.

  7. සදා unp says:

    සජිත් මහත්තයා ඉක්මන් උනා වැඩියි. පාච රනවකගේ ගුලි කාපු හැම එකාම ඉවරයි. රනවකයා හදන්නේ සජිත් මහත්තයා ලවා කොස් ඇට බෑවීමටයි.

  8. HARAMANIS says:

    YAKO CHANDE DENNE API MISAK UMBALA LAGA INNA MP LA NOWE.

Main News