පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB

September 6, 2020 at 2:10 pm | lanka C news
පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB

ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු පිරිච්ච පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්නට යාම පළාත් සභා ඇමතිගේ ගැලරි කථාවක්.‍පාර්ලිමේන්තුවේ අල්ලපු පුටුවේ ඉන්න මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරුගෙන් පළාත් සභා අහෝසි කරන්න ඡන්දේ දෙනවා දැයි අහනවා යැයි  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

උකුවෙල දී පැවැති ජනහමුවක දී ඇය මේද කීවාය.

පළාත් සභා වෙනුවෙන් හැමදාම පෙනී හිටපු ආණ්ඩුකාරවරු තුන් දෙනෙක්, මහ ඇමතිවරු 11 ක් ඉන්න පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්න ඇමතිවරයා යෝජනා කරන්නේ ගැලරිය පිනවන්න යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ශාන් විජයලාල් ද සිල්වා, යාපනයේ වාසුදේව ඇමතිතුමාගේ මස්සිනා විග්නේෂ්වරන්,  අපෙන් ඡන්දය ඉල්ලලා දැන් දෑත් ශක්තිමත් කරන්න බලාගෙන ඉන්න නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්, පිල්ලෙයාන්, ගුරුවරු දණගහපු චාමර සම්පත් දසනායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමතිකමත් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත, බතික් ඇමති දයාසිරි ජයසේකර,  විතරක් නෙවෙයි හරීන් ප්‍රනාන්දු කියන හිටපු මහ ඇමතිවරු ඔක්කොටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.  මේ අය තමන් හිටපු පලාත් සභාව අහෝසි කරන්නට පළාත් සභා ඇමතිගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ නම්, ඉඩ දෙන්නේ නෑ කියලා මට නම් විශ්වාසයි ද කවිරත්න මහත්මිය පැවසුවා ය.

ඒ විතරක් නෙවෙයි,  පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා කියලා තිස්ස විතාරණ, සුරේන් රාඝවන්, ශාල් විජයලාල් ද සිල්වා වගේ යමක් කමක් තේරෙන ආණ්ඩුකාරවරුවත් මේ ඇමතිතුමාට කියලා දෙන්න ඕනි.  අද පාර්ලිමේන්තුවේ හිටියාට මේ සියළු දෙනා හැමදාම පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී දැන උගත් ගෞරවනීය පුද්ගලයෝ.    ඔවුන් නිසා පළාත් සභාව බැබලුණා.  ඒ නිසා කවදාවත් ඔවුන් පළාත් සභාව අහෝසි කරන්න ඡන්දය දෙන්නේ නෑ.

පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් ආව කවුරුහරි ඡන්දය දුන්නොත් හැර පළාත් සබා ගැන සැබෑ කැක්කුමක් තිබුණ පළාත් සභාවෙන් ආපු කිසිම කෙනෙක්, පළාත් සභා අහෝසි කරනවා ට කැමති විය නොහැකි යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

ලාබාල දුමින්ද දිසානායක පාර්ලිමේන්තු ආවේ, කනක හේරත්, සේමසිංහ ලා ගේ තාත්තලා පළාත් සභාවේ හිටපු නිසයි ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ.  මේවා ගැන මොකොවත් දන්නේ නැති, වියත්මගේ උදවිය බලාගෙන ඉන්නවා සරත් වීරසේකර ටාසන් වගේ පැනලා පළාත් සභා අහෝසි කරයි කියලා.   සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහ ඇමති කරන්න බලාගෙන ඉන්න, පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ගේ ඡන්දය නම් පළාත් සභා අහෝසි කරන්න ගන්න බැරි බව නම් මට විශ්වාසයි.

ආණ්ඩුපක්ෂයේ බොහෝ දෙනා ඉන්නේ සිහින රාජ්‍යවල.  ඔවුන්ගේ ඔළුව උඩට ලඟදීම දවසක පළාත් සභා අහෝසි කිරීම වගේ සිහින කඩා වැටෙනවා‘‘ යැයි ද කවිරත්න මහත්මිය පැවසූවේ,  උකුවෙල පැවති පිළිගැනීමේ රැස්වීමක් අමතමිනි.

– ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

41,327 views

20 Comments to “පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB”

  1. Ravana parapura says:

    අපි හනුමන්ලට බය නැහැ

  2. UNP GAL IBBA says:

    මෙයගේ අලුත් යාලුවන්ට හරිම ආදරෙයි වගේ??????

  3. PEOPLE OF COUNTRY says:

    Uba indiyawa ta kiyala haukaganin
    Apata kannadenne indiyawa-wada bola balla

  4. MD says:

    සජිත්ගේ තාත්තා ඉන්දියන් හමුදාව ඵලවලා දාන්න කියලා කොටින්ට ආයුධ දෙනකොට ඉන්දියාව අපට පෙම්කළාද දන්නේ නැහැ නේද?

  5. surath says:

    Who crush the LTTE when IPKF failed to make the peace by surrender terrorists and weapon? They have no rights to intervene. Dont Jump and Give.

  6. Kalana says:

    This is Sri Lanka, not part of India, then why should we work according to India, we should be able to decide what good and bad for our country. Do they give money to maintain Provincial elections, and these staffs. Idiots

  7. රන්ජ says:

    ගෙවල්වල බත් තම්බන අම්මණ්ඩිල දන්න මගුල,

  8. kishan says:

    This women is try to build her carrier by issuing statements of facts which she didn’t even undertandand the complexity. Her only hope is to make an impression about her self among her cadres. Therefore no need to comment about her statements in the future. Shere want of time.

  9. ex hadaya says:

    Why ???? Your husband is from India ???? ha ha ha

Main News