පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB

September 6, 2020 at 2:10 pm | lanka C news
පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB

ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු පිරිච්ච පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්නට යාම පළාත් සභා ඇමතිගේ ගැලරි කථාවක්.‍පාර්ලිමේන්තුවේ අල්ලපු පුටුවේ ඉන්න මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරුගෙන් පළාත් සභා අහෝසි කරන්න ඡන්දේ දෙනවා දැයි අහනවා යැයි  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

උකුවෙල දී පැවැති ජනහමුවක දී ඇය මේද කීවාය.

පළාත් සභා වෙනුවෙන් හැමදාම පෙනී හිටපු ආණ්ඩුකාරවරු තුන් දෙනෙක්, මහ ඇමතිවරු 11 ක් ඉන්න පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්න ඇමතිවරයා යෝජනා කරන්නේ ගැලරිය පිනවන්න යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ශාන් විජයලාල් ද සිල්වා, යාපනයේ වාසුදේව ඇමතිතුමාගේ මස්සිනා විග්නේෂ්වරන්,  අපෙන් ඡන්දය ඉල්ලලා දැන් දෑත් ශක්තිමත් කරන්න බලාගෙන ඉන්න නැගෙනහිර හිටපු මහ ඇමති නසීර් අහමඩ්, පිල්ලෙයාන්, ගුරුවරු දණගහපු චාමර සම්පත් දසනායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමතිකමත් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත, බතික් ඇමති දයාසිරි ජයසේකර,  විතරක් නෙවෙයි හරීන් ප්‍රනාන්දු කියන හිටපු මහ ඇමතිවරු ඔක්කොටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.  මේ අය තමන් හිටපු පලාත් සභාව අහෝසි කරන්නට පළාත් සභා ඇමතිගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ නම්, ඉඩ දෙන්නේ නෑ කියලා මට නම් විශ්වාසයි ද කවිරත්න මහත්මිය පැවසුවා ය.

ඒ විතරක් නෙවෙයි,  පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා කියලා තිස්ස විතාරණ, සුරේන් රාඝවන්, ශාල් විජයලාල් ද සිල්වා වගේ යමක් කමක් තේරෙන ආණ්ඩුකාරවරුවත් මේ ඇමතිතුමාට කියලා දෙන්න ඕනි.  අද පාර්ලිමේන්තුවේ හිටියාට මේ සියළු දෙනා හැමදාම පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී දැන උගත් ගෞරවනීය පුද්ගලයෝ.    ඔවුන් නිසා පළාත් සභාව බැබලුණා.  ඒ නිසා කවදාවත් ඔවුන් පළාත් සභාව අහෝසි කරන්න ඡන්දය දෙන්නේ නෑ.

පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් ආව කවුරුහරි ඡන්දය දුන්නොත් හැර පළාත් සබා ගැන සැබෑ කැක්කුමක් තිබුණ පළාත් සභාවෙන් ආපු කිසිම කෙනෙක්, පළාත් සභා අහෝසි කරනවා ට කැමති විය නොහැකි යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

ලාබාල දුමින්ද දිසානායක පාර්ලිමේන්තු ආවේ, කනක හේරත්, සේමසිංහ ලා ගේ තාත්තලා පළාත් සභාවේ හිටපු නිසයි ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ.  මේවා ගැන මොකොවත් දන්නේ නැති, වියත්මගේ උදවිය බලාගෙන ඉන්නවා සරත් වීරසේකර ටාසන් වගේ පැනලා පළාත් සභා අහෝසි කරයි කියලා.   සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහ ඇමති කරන්න බලාගෙන ඉන්න, පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ගේ ඡන්දය නම් පළාත් සභා අහෝසි කරන්න ගන්න බැරි බව නම් මට විශ්වාසයි.

ආණ්ඩුපක්ෂයේ බොහෝ දෙනා ඉන්නේ සිහින රාජ්‍යවල.  ඔවුන්ගේ ඔළුව උඩට ලඟදීම දවසක පළාත් සභා අහෝසි කිරීම වගේ සිහින කඩා වැටෙනවා‘‘ යැයි ද කවිරත්න මහත්මිය පැවසූවේ,  උකුවෙල පැවති පිළිගැනීමේ රැස්වීමක් අමතමිනි.

– ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

41,329 views

20 Comments to “පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා…- SJB”

  1. Helaya says:

    Me kanthawata pissuda nethnam monnaye amaruwakda munta chandaya diela thibenne harak

  2. Kalana says:

    ගන්න එපෝ මුන්ව. මුන්ව ගන්න නෙමෙයි අපි චන්දෙ දුන්නේ. සිංහලයාගේ අසමගිය බලය නිසා අන්තවාදීන් කොහොමත් අල්ලනවා.

    • kamal says:

      මේ නෝනා SJB මාද්‍ය ප්‍රකාශිකා ද දන්නේ නැති නිසා අහන්නේ

  3. Thilak says:

    Aparade oyage danuma jahapalana kale pavichchikaranam kochchara soda appa

  4. hakim says:

    Rohini you bloody bitch ,offer your backside to Moody

  5. ගයා says:

    තොගේ අප්පා නේ වියදම දරන්නේ. මෝඩ ගෑනි

  6. Duminda says:

    අර කොළොන්නාවේ වට්ටිඅම්මා වෙනුවට තව වට්ටි අම්මා කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවට. මාර විශාරද වගේ කරුණු දක්වන්නෙ. ඉන්දියාවේ රෝ ඔත්තු කාරියක්ද කොහෙද

  7. desta says:

    indiyawata passa allagenama hitapan

  8. Imalk says:

    ගමේ ඉන්න අය තරහ වෙයි පොඩ්ඩක් වටේට අල්ලන්න ඇන්ටි. මේ වගේ එවුන්වනේ අපේ හරක් පාර්ලිමේන්තු යැව්වේ

  9. Aurora says:

    මේ එලදෙනට මාසෙක අතීතය අමතක වෙලා දොඩවනවා. අගොස්තු 5 වෙනිදා මේ රටේ මිමිනිස්සු ලක්ෂ 68 කට වඩා පොහොට්ටුවට් ච්න්ඩෙ දුන්නෙ 19 විතරක්ම නොවෙ මුලු ව්‍යවස්ථාවම වෙනස්කරන්න. මේ එලදෙන 13 ගැණ කියවනවා. මුන්ගෙ ලොකුම ලොක්ක JR ඉන්දියාවට යටත් වෙලා අත්සන් කරපු 13 විසිකරයි කියල .

  10. nariya says:

    wawaagena kana ewunta kelawena nisaa mekith apullanawa

Main News