දුරකතන ගාස්තු අඩු නොකලේ යයි පැමිණිලි කෙරේ..

December 6, 2019 at 5:30 pm | lanka C news
දුරකතන ගාස්තු අඩු නොකලේ යයි පැමිණිලි කෙරේ..

දුරකතන බදු අඩු නොකිරීම සම්බන්දයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

දුරකතන ගාස්තු අඩු නොකිරීම පිළිබදව කරනු ලබන පැමිණිල්ලයි.

2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් වූ ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුවක් ඉටුකරමින් 2019/12/01 දින සිට ජනාතාව සදහා වීවිධ බදු සහන ලබා දෙන ලදී. ඒ අනුව 2019/12/01 දින සිට දුරකතන සදහා වන බදුද අඩ කරන ලදී.

එසේ තිබියදී මෙරට දුරකතන සමාගම් එම සහන පාරිභෝගිකයාට ලබා නොදී සිය ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කරමින් සිටී.

භාවිතා කරන ප්‍රමාණය අනුව මුදල් අය කිරීම (Pay as you go) යටතේ වන බදු මුදල් 2019/12/01 දින සිට වෙනත් සමාගම් අඩු කලද Hutchison Asia Telecom සමාගම අඩු කරන ලද්දේ 2019/12/03 දින මධ්‍යම රාත්‍රීයේ සිටය.

නියමිත මුදල සදහා වන (Bunddle) සදහා වන බදු සහන සියලුම සමාගම් විසින් පාරිභෝගිකනයාට ලබා දීමට කටයුතු කරන ලද්දේ 2019/12/03 මධ්‍යම රාත්‍රීයේ සිටය. එහිදීද බදු මුදල් අඩු නොකල අතර ලබා දෙන ඩේටා ප්‍රමාණයන් වැඩි කොට ඇත.

මේ පිළිබදව වීධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් 2019/12/01 සිට පාරිභෝගිකයාට ලබා දිය යුතු එහෙත් 2019/12/03 දින දක්වා පාරිභෝගිකයාට ලබා දී නොමැති බදු සහනය ඉතාම ඉක්මනින් පාරිභෝගිකයාට ලබා දීම සදහා කටයුතු කරන ලෙසත් ඔබ කොමිසමෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

40,485 Viewers

4 Comments to “දුරකතන ගාස්තු අඩු නොකලේ යයි පැමිණිලි කෙරේ..”

  1. Niroshana says:

    Tank you very mach…

  2. David Milli-banda says:

    Mokada munta thadiyama…
    Gaasthu wedi karana kota shaddayakwath nehe, adu karanna pramada wunama sadde.

    Baleta awills thawa sumana thunai…. munta thadiyama.

    Adu karanakan hitapiyau.

  3. NAK says:

    Increasing data in lieu of the reduced tax is not acceptable.
    Taxes were reduced to help the consumer and not to help increase business for the telecom companies.
    The consumer must be given the option if he wants more data or not.

  4. ‘පුදන කොටම කාපි යකා ‘වෙන්නෙ කොහොමද බං?

Main News