දුරකතන ටැප් කරන ඒකකයක් නුගේගොඩ.. නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්‍ෂණය.. අධි තාක්‍ෂණික උපකරණ ජපානයෙන්.. හකීම් ගැනත් සැකයෙන්..

August 14, 2018 at 2:10 pm | lanka C news
දුරකතන ටැප් කරන ඒකකයක් නුගේගොඩ.. නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්‍ෂණය.. අධි තාක්‍ෂණික උපකරණ ජපානයෙන්.. හකීම් ගැනත් සැකයෙන්..

රටෙහි පුරවැසියන්ගේ දුරකථන වලට රහසින් සවන්දිය හැකි උපකරණ ආණ්ඩුව විසින් ගෙන්වා නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක ස්ථාපිත කර පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරයි.

මීට අවශ්‍ය කරන සියුම් අධි තාක්ෂණික උපකරණ ජපානයෙන් ගෙන්වා ඇති බවත් මෙම ඒකකය නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පාලනය වෙමින් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නුගේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම ඒකකය මගින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම සැක සහිත ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේ දුරකථන වලට රහසින් සවන් දෙමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

136 views
Main News